ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් වන්දියක්

Date:

ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දි මුදලක් ඒ මහතාගේ පවුලට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.

පසුගිය මැයි 09 වෙනිදා ඇතිවූ ගැටුම්කාරී තත්වය අතරේ නිට්ටඹුව නගරයේදී පිරිසක් විසින් අමරකීර්ති අතුකෝරාළ මහතාට සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට පහර දී ඝාතනය කර තිබිණි.

එසේ ඝාතනයට ලක්වූ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් ද වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...