ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නක් ; තිදෙනෙකු මරුට, 36ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 :
ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 36 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්නෙන් දිවි බේරාගත් පුද්ගලයන් 15 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති අතර, ඉන් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදන් වූ පුද්ගලයන් සොයා සහන සේවකයන් සහ ගිනි නිවන කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව ද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය”

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක...

අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති උත්සවයේදී මොකද වුණේ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති...

රතු කාඩ්පතකින් බේරුණු මෙසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ක්‍රීඩාවේ පවතින ඉහළ තරගකාරීත්වය...

2027 ආසියානු කුසලානට පෙර තුන්කොන් ක්‍රිකට් තරගාවලියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින්...