මේක අනම්‍ය ආණ්ඩුවක් නෙවෙයි.තවදුරටත් ආනයන සීමා ලිහිල් කරන්න බලනවා (VIDEO)

ඉදිරි සති දෙකක කාලය තුළ තවදුරටත් ලිහිල් කළ හැකි ආනයන සීමා සම්බන්ධයෙන් රජය අවධානය යොමුකිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (21) මාධ්‍ය වෙත පැවසුවේය.

ඒ, කටුනායක රෙගු අංගනයක් නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදීය.

රටේ පැවති විදේශ විනිමය තත්ත්වය මත මහ බැංකුවේ පර්යේෂණ අංශය මඟින් භාණ්ඩ 1500ක පමණ ප්‍රමාණයකට පසුගිය අගෝස්තු මස ආනයන සීමා පැනවුණු අතර ලද පැමිණිලි,ඉල්ලීම් ගැන සලකා බලා සැප්තැම්බර් 09 වැනි දින සිට භාණ්ඩ 700ක් සම්බන්ධයෙන් පනවා තිබුණු සීමා ලිහිල් කෙරුණු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව තවදුරටත් කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ලැබෙන ඉල්ලීම්,දුක්ගැනවිලි පිළිබඳ ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව විසින් සලකා බලා ඉදිරියේදී එම සීමා ලිහිල් කිරීමට සූදානම් බව හෙතෙම සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...