අයවැයට එරෙහි අද විරෝධතාවට අපි නෑ – පිස්කල්වරුන්ගේ සංගමය සහ ලඝුලේඛක සංගමය කියයි

2027 අයවැයට එරෙහිව වෘත්තීය සමිති රැසක් විසින් අද (23) දිනයේදී සංවිධානය කර ඇති විරෝධතාවට තමන් එකතු නොවන බව අධිකරණ සේවයේ පිස්කල්වරුන්ගේ සංගමය පවසයි.

තමන්ගේ ඉල්ලීම්වලට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, අධිකරණ අමාත්යාංශ ලේකම්තුමා සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්තුමා සවන් දීමෙන් අනතුරුව මෙවර අයවැයෙන් දීමනාවක් ලබාදී ඇති බවත් අනෙකුත් ඉල්ලීම් සම්බන්ධයෙන් ද නිර්දේශ ලබාදී ඉදිරි කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් පැවසූ පිස්කල්වරුන්ගේ සංගමයේ සභාපති සුදත් පාලිත මහතා ඒ අනුව තම සංගමය අද කෑම පැයේ පැවැත්වීමට නියමිත විරෝධතාවන්ට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන බව අවධාරණය කළේය.

එමෙන්ම ලඝුලේඛකවරුන්ගේ සංගමය ද මේ ආකාරයෙන්ම මෙම විරෝධතාවන්ට සහාය නොදීමට තීරණය කර ඇති බවත් ඒ මහතා පැවසීය.

මීට අමතරව ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ පාලනය වන වෘත්තිකයින්ට මෙවැනි විරෝධාවන්ට සහභාගී වීමට නොහැකි වන ආකාරයේ තහනමක් ද පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවක ලේඛක ලේඛිකාවන් ඇගයෙන ”උල්පතෙන් අලුත් ගඟක්” සාහිත්‍ය සම්මාන උළෙල 27 දා!

කොළඹ LNW:‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය එළඹෙන 27වන...

IPL සවි එසවීමේ ශූරතාවලියේදී රන්සිළු ජයතිලකගෙන් ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි...

අයවැයට එරෙහි ජාතික විරෝධතා දිනය අද

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට...

සැකකටයුතු යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු යුද නෞකාවක් මුහුදුබත් වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 23: බෝල්ටික් මුහුදේදී ඩ්‍රෝන...