කොළඹ LNW:මෝටර් රථයකින් වියළි ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු හම්බෙගමුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
තණමල්විල, හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී සැකකටයුතු මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි තිබී වියළි ගංජා කිලෝග්‍රෑම් 43යි ග්‍රෑම් 200ක තොගයක් සොයාගෙන ඇත.
එම අවස්ථාවේදී මෝටර් රථයේ සිටි සුරාබදු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, මෙම ගංජා තොගය තමන් විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් ඒවා බවයි.
කෙසේ වෙතත්, පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී එවැනි වැටලීමක් සිදුකර ඇති බවට හෝ එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීමට ඔවුන්ට නීත්‍යානුකූල අවසරයක් පවතින බවට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
ඒ අනුව, අදාළ සුරාබදු නිලධාරීන් දෙදෙනා සහ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.
සැකකරුවන් අද (23) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


