කොළඹ LNW:අද(24) රාත්‍රියේ අහස නිරීක්ෂණය කිරීමේදී සුවිශේෂී තාරකා විද්‍යාත්මක සිදුවීමක් දැකගැනීමට අවස්ථාව උදාවන බව තාරකා විද්‍යාඥය ගිහාන් වීරසේකර මහතා පවසයි.
ඒ. සුපිරි සඳක් හෙවත් සුපර් මූන් දර්ශනය වීමයි.
වෙනත් පොහොය දිනවලට වඩා අද රාත්‍රීයේ දිස්වන සඳ ප්‍රමාණයෙන් විශාල බවත් එය වෙනදාට වඩා පෘථිවියට කිලෝමීටර් 25,000 ආසන්නයෙන් පවතින බවත් ගිහාන් වීරසේකර මහතා සඳහන් කරයි.
එමෙන්ම අද රාතියේ චන්ද්‍රයා වෙනදට වඩා 6.5 විශාලව දර්ශනය වන අතර දීප්තිය 14% වැඩිපුර දර්ශනය වෙයි.


