ශ්‍රී ලංකාවේ විරැකියාව පිළිබඳ ගැටලුව එන්න එන්නම උඝ්ර වෙමින් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා පවසයි.
“අද අපේ රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි විරැකියාව. මුළු ආසියාවේ ඉහළම ප්‍රතිශතය තියෙන්නෙ ලංකාවේ. ඒ කියන්නෙ අධ්‍යාපනය ලබාගත් තරුණ පිරිස අතර 43%කට රක්ෂා නැත. දැන් මේ තත්වය එන්න එන්නම උඝ්ර වෙනවා. අපේ රටේ අවුරුදු 15 – 19 අතර ඉන්නවා ලක්ෂ 18ක්. මේ අය රැකියා වෙළඳපොලට ඇතුළු වෙනවා. හැබැයි රක්ෂා නැහැ.
වෛද්‍ය ක්ෂේත්‍රයේ දැන් වෙනකොට අපේ රටේ පුරප්පාඩු 7000ක් තියෙනවා. එතකොට කොහොමද ගුණාත්මක වෛද්‍ය සේවයක් ජනතාවට සපයා දෙන්නෙ ? ඒ වගේම තත්වයක් තියෙන්නෙ ලංකාවේ විශ්වවිද්‍යාලවලත්. අද ප්‍රශ්නය වෙලා තියෙන්නෙ අලුත් විශ්වවිද්‍යාල හදන එක නෙවෙයි, තියෙන විශ්වවිද්‍යාල පිළිගන්න පුළුවන් මට්ටමකින් නඩත්තු කරගෙන යාමයි”
ජී. එල්. පීරිස් මහතා මේ බව පැවසුවේ ඊයේ (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


