බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනා දෙසැම්බර් 16 වැනිදා යළි බංග්ලාදේශයට පැමිණීමට සැලසුම් කරයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 25:
වසර දෙකකට වැඩි කාලයක් ඉන්දියාවේ පිටුවහල්ව සිටින බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනා ලබන දෙසැම්බර් 16 වැනිදා යළි සිය රටට පැමිණීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

බංග්ලාදේශයේ විජය දිනය යෙදෙන දෙසැම්බර් 16 වැනිදා සිය රටට පැමිණීමට අපේක්ෂා කරන හසීනා, ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඩකා නුවර දක්වා පැමිණීම සඳහා එරට ජාතික ගුවන් සේවය වන බිමාන් බංග්ලාදේශ ගුවන් සේවයේ ගුවන් යානයක් සූදානම් කරන ලෙස බංග්ලාදේශ රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඇයගේ ප්‍රකාශක සයිඩ් මොසම්මෙල් අලි ඊයේ(24)දිනයේ රොයිටර් පුවත් සේවයට මේ බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, හසීනාගේ ඉල්ලීමට බංග්ලාදේශ රජය විරෝධය පළ කර තිබේ. ඇයට යළි බංග්ලාදේශයට පැමිණිය හැක්කේ ඉන්දියාව සමඟ පවතින උදර්පණ ගිවිසුම යටතේ පමණක් බව එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හුමයුන් කොබීර් ප්‍රකාශ කර ඇත.

2024 අගෝස්තු මාසයේදී ශිෂ්‍ය විරෝධතා හේතුවෙන් සිය වසර 15ක පාලනය අවසන් කරමින් හසීනා බංග්ලාදේශයෙන් ඉන්දියාවට පලා ගියාය.

එම විරෝධතා මර්දනය කිරීමේදී සිදුවූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් බංග්ලාදේශ අධිකරණයක් විසින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඇයට නොපැමිණීමේ නඩු විභාගයකින් පසු මරණ දඬුවම නියම කර තිබේ. කෙසේ වෙතත්, හසීනා එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

එරට රජය පවසන්නේ ඇය යළි පැමිණියහොත් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන බවයි. මේ අතර, හසීනාගේ යළි පැමිණීම පිළිබඳ ප්‍රකාශයත් සමඟ බංග්ලාදේශයේ දේශපාලන සහ නීතිමය වාතාවරණය පිළිබඳ අවධානය යළිත් යොමුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමනි, ළඟ නොබලන්න… දුර බලන්න…

ජනාධිපතිතුමනි, සුබ උපන්දිනයක් ... එහෙම කිව්වට ඇත්තටම මේ මොහොතේ ඔබතුමාට...

අපේ රටේ අධ්‍යාපනය ලැබූ තරුණ පිරිසෙන් 43%කට රැකියා නැහැ. මේ තත්වය එන්න එන්නම දරුණු වෙනවා – GL

ශ්‍රී ලංකාවේ විරැකියාව පිළිබඳ ගැටලුව එන්න එන්නම උඝ්ර වෙමින්...

Nvidia ආන්දෝලනයෙන් පසු සිංගප්පූරු AI සමාගමකට ඇමරිකාවෙන් දැඩි තීරණයක්! 

සටහන – පුලීනොවැම්බර් 24, LNW (කොළඹ): Nvidia සමාගම සම්බන්ධයෙන් පසුගිය කාලයේ...