ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ ධාරිතාව සංවර්ධනය කිරීම සහ පොලිස් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් වැඩසටහන් සඳහා සහාය ලබා දීමට චීනය එකඟ වී තිබේ.
මේ සම්බන්ධයෙන් වන ගිවිසුමක් දෙරට අතර ඊයේ (24) අත්සන් තබා ඇති අතර ඊට ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැං (Wei Huaxiang) මහතා සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා පොලිස් මූලස්ථානයේදී අත්සන් තබා ඇත.
නවීන තාක්ෂණය ඉතා දියුණු මට්ටමකින් යොදා ගනිමින් සිදු කෙරෙන නවීන අපරාධ ක්‍රමවේදයන් හඳුනා ගැනීමටත්, එවැනි අපරාධ හමුවේ වඩාත් ඵලදායී ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සතු හැකියාවන් ශක්තිමත් කිරීම මෙම සහාය මගින් අපේක්ෂා කරයි.
මෙම ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, පොලිස් පරිපාලන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


