ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:2027 අයවැය මගින් ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් ව්‍යාපාර,ආයෝජන සහ රැකියා අවස්ථා තවදුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම තහවුරු කෙරෙන බව මුදල අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.
එමෙන්ම යම් යම් කම්පන වලට ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ සලකා බැලීමේදී ඊට භාණ්ඩාගාරය ශක්තිමත් බවද ලේකම්වරයා සඳහන් කරයි.
”වර්තමාන පාලනය ක්‍රියාත්මක කරපු දුෂණයට කිසිසේත්ම ඉඩ නොදීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආයතන එක්ක නොනවත්වා පසුවිපරම් කරමින් දැක්මක් තියෙන දේශපාලන නායකත්වයේ සහය ඇතිව භාණ්ඩාගාරය සහ රජයේ සමස්ත යාන්ත්‍රණයම කටයුතු කළා. ඒ නිසාම අතීතයේදී අපි හීන දැකපු සහ කතාකර කර විතරක් හිටපු ආදායම ලබාගන්න අපිට පුළුවන් වුණා. එකයි අපට 2027 ගැන විශ්වාසයක් තියෙන්නේ. අපි ඉලක්ක කරන අපිට ළඟා කරගත හැකි ආදායම සුරක්ෂිත කරගන්න අපිට පුළුවන් වෙනවා කියන එක. අපේ අරමුණ තමයි අපේ ව්‍යාපරවලට තව හොදින් කරගෙන යන්න තවත් ලාබ ලබාගන්න පුළුවන් වෙන්න සහ තව රැකියා අවස්ථා ඇතිකරන්න පුළුවන් පසුබිම නිර්මාණය කරන එක. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අපිට බදු එකතු කිරීම වගේම තව වැඩිපුර ප්‍රතිලාභ ලබාදෙන්නත් පුළුවන් වෙයි. යම් යම් කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව එක්ක බලද්දී භාණ්ඩාගාරය ඉන්නේ ශක්තිමත් තැනක. ඒත් අපිට තවත් සංචිත ගොඩනගා ගන්න ඕනේ. අපේ සංචිත තත්ත්වය දියුණු වෙමින් තියෙනවා. ඒ ඉලක්කයත් ඔබේ සහයත් සමඟ අපිට 2027 දී සපුරා ගන්න පුලුවන් වෙයි කියල මට විශ්වාසයි.”
සූරියප්පෙරුම මහතා මෙම අදහස් දක්වා සිටියේ 2027 අයවැය සම්බන්ධයෙන් පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.


