කයිරෝ අධිවේගී මාර්ගයේ ඉන්ධන බවුසරයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 31ක් ජීවිතක්ෂයට(VIDEO)

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 26:
ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ නගරය වටා දිවෙන රින්ග් රෝඩ් අධිවේගී මාර්ගයේ ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් හටගත් දැවැන්ත ගින්නකින් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරෙන් තවත් පුද්ගලයන් අවම වශයෙන් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර බවුසරය අනතුරට ලක්වීමත් සමඟ ඉන්ධන ගිනිගෙන විශාල ගින්නක් පැතිර ගොස් ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථ සහ යතුරුපැදි රැසක් ගිනිගෙන විනාශ වී තිබේ.

ගින්න හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇති අතර, ගිනි නිවන සහ සහන සේවා කණ්ඩායම් වහාම එම ස්ථානයට යොදවා ඇත.

අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ඇතුළු රටවල් රැසකට අලුතින් තීරුබදු පැනවීමට ඇමරිකාවෙන් තීරණයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 26: ඇමරිකා එක්සත් ජනපදය...

සජිත්ට අලුත් විය හැකිද ?

සජිත් ප්‍රේමදාස කියන දේශපාලන චරිතය සම්බන්දයෙන් එතරම් ගැඹුරට අපේ...

මැදපෙරදිග යුද උණුසුම තවත් ඉහළට ; යේමනයේ පිපිරීමක්, රියාද් වෙත මිසයිල ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 26: යේමනයේ අගනුවර වන...

අදත් (26) ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 26) දිනයේදී උතුරු, උතුරු...