කොළඹ LNW:ශ්‍රී ලංකාවේ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් Aleksander Gutsan මහතා අතර හමුවක් ඊයේ (26) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විය.
දෙරට අතර ඇති දීර්ඝකාලීන සහයෝගීතාවය තවදුරටත් වැඩිදියුණූ කර ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීම සහ දෙරට අතර නීතිමය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ඇතුළු නීතිමය වශයෙන් වැදගත් වන කරුණූ සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර එම කරුණූ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් සඳහාද අත්සන් කිරීම ද මෙරට නීතිපතිවරයා සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභීචෝදක ජනරාල් විසින් සිදුකරන ලදී.
ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් රුසියාවට පලාගොස් සැගවී මුල්‍යමය කටයුතු සහ දේපල වැනි දෑ සගවා ගෙන සිටී නම් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතට අනුව මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කරන සහයෝගය නිරන්තරයෙන් ලබාදීමට කටයුතු කරන බව මෙහිදී රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් විසින් සඳහන් කර තිබේ.
එමෙන්ම අධිකරණ කටයුතු සම්බන්ධයෙන් මෙන්ම අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් ලබාදෙන සහයෝගය ඔහු පැසසීමට ලක්කර ඇත.


