මන්ත්‍රී චාමර සම්පත්ට සහ පෞද්ගලික ලේකම්ට අදත් ඇප නෑ!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි එළඹෙන දෙසැම්බර් මස 11 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියම කළේය.

පොස්පේට් අපනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් තුනකට බලපත්‍ර ලබාදීමට රුපියල් ලක්ෂ 84 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබෙන අතර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් එම විමර්ශන සිදුකරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ අවුරුදු 15-24 වයස් කාණ්ඩය අතර HIV ආසාදිතයින්ගේ ඉහළ යාමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ තරුණ පරපුර...

30 වර්ජනයට GMOA එක්වෙයි!

කොළඹ LNW:නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා පැවැත්වීමට නියමිත වෘත්තීය...

විදුලි වාහන සිහිනය යට සැඟවුණු බැටරි අර්බුදය: භාවිතයෙන් පසු බැටරිවලට මොකද වෙන්නේ?

තවමත් ලොව වැඩිපුරම භාවිත වන්නේ පෙට්ට්‍රල් හා ඩීසල් වලින්...