සටහන – පුලී
නොවැම්බර් 29, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ නත්තල් සැමරුම්වලට එක් නොවී, හැරී කුමරු සහ මේගන් මාක්ල් සිය දරුවන් සමඟ නත්තල් සමය කැලිෆෝනියාවේදී ගත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ, මේගන්ගේ මව වන Doria Ragland සමඟ දරුවන්ට කාලය ගත කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් බව සඳහන් වේ.
පසුගිය සතියේදී Sussex යුවළ නත්තල් සමය සඳහා කැලිෆෝනියාවේ Montecito හි පිහිටි සිය නිවසට නැවත පැමිණීමට තීරණය කර තිබුණේ මේගන්ගේ මව සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව බව වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, දරුවන්ට සිය ආච්චි සමඟ නත්තල් සමය ගත කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, වේල්ස් කුමරිය වන කැතරින් විසින් වාර්ෂිකව පවත්වනු ලබන නත්තල් ප්‍රසංගයට මෙවර හැරී කුමරු හෝ ඔහුගේ බිරිඳ මේගන් ආරාධනා කර නොමැති බව ද වාර්තා වේ. Westminster Abbey හිදී පැවැත්වෙන මෙම නත්තල් ප්‍රසංගය රාජකීය පවුලේ නත්තල් සමයේ ප්‍රධාන උත්සව අතරින් එකක් ලෙස සැලකේ.
එමෙන්ම, රාජකීය පවුලේ සාමාජිකයන් නත්තල් සමය ගත කරන Sandringham හි සැමරුම් සඳහා ද Sussex යුවළට ආරාධනා ලැබී නොමැති බව සඳහන් වේ. දෙසැම්බර් 25ට දින දහයකට පමණ පෙර Buckingham Palace හිදී පැවැත්වූ රාජකීය පවුලේ පුළුල් සාමාජිකයන්ගේ පෞද්ගලික නත්තල් දිවා භෝජන සංග්‍රහයට ද ඔවුන්ට ආරාධනා කර නොතිබූ බව වාර්තා වේ.
රාජකීය පවුල සමඟ පවතින දුරස්ථ සබඳතා පිළිබඳ කතාබහ මධ්‍යයේ, හැරී සහ මේගන් මෙවර නත්තල සිය පවුලේ සමීපතමයන් සමඟ කැලිෆෝනියාවේදී ගත කිරීමට සූදානම් වන බවට මෙම වාර්තා පෙන්වා දෙයි.

