රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW:
බස්නාහිර පළාතේ 2026 තෙවන වාර විභාගය හෙට සහ අනිද්දා දිනවලදී නියමිත පරිදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව 6 සහ 7 ශ්‍රේණි සඳහා ගණිතය සහ සෞඛ්‍ය විෂයයන් ද, 8 සහ 9 ශ්‍රේණි සඳහා විද්‍යාව සහ සෞන්දර්ය විෂයයන් ද සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
මේ සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර අවසන් කර ඇති අතර, ඒවා ආරක්ෂිතව කලාප හා කොට්ඨාස කාර්යාල වෙත මේ වන විටත් බෙදා හැර ඇත.
මෙහිදී සිසුන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් සඳහා ප්‍රශ්න පත්‍ර ලක්ෂ පන්සියයකට ආසන්න ප්‍රමාණයක් සූදානම් කර තිබේ.
අධ්‍යාපන බලධාරීන්ගේ සෘජු මැදිහත් වීමෙන් විභාගයට අදාළ සියලුම සැපයුම් සහ ආරක්ෂක විධිවිධාන මේ වන විට සාර්ථකව නිම කර ඇත.

තවද, 2026 වර්ෂයට අදාල තුන්වන වාර විභාගයේ හෙට දින (2026.11.30 ) පැවැත්වෙන විභාග පැවැත්වීම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් අදාල පාර්ශ්වයන් වෙත ලබාදෙන උපදෙස් දුන් බවද වාර්තා වේ.


