රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW:
හෙට (30) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය නොදෙන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, පසුගිය නොවැම්බර් 20 වැනිදා පැවති වැඩ වර්ජනයට ද තමන් සහාය ලබා නොදුන් බවයි.
රාජ්‍ය සේවය අඩපණ කරන ක්‍රියාමාර්ගවලට හෝ රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් දුර්වල කළ හැකි පියවරවලට තමන් සහාය නොදෙන බව එම සංගමය අවධාරණය කර සිටී.
එසේම, රාජ්‍ය පරිපාලනයට අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලදී ප්‍රමුඛ භූමිකාවක් දැරීමට තමන් අදහස් නොකරන බව ද එම සංගමය පෙන්වා දෙයි.
මේ අතර, වැටුප් කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එම නිවේදනය මගින් සිය නොසතුට පළ කර තිබේ. එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, නිසි ක්‍රමවේදයකින් තොරව සහ අදාළ කොමිෂන් සභාවේ නිර්දේශ නොමැතිව විවිධ කණ්ඩායම් වෙත සහන ලබා දී ඇති බවයි.


