අටමස්ථානාධිපති සිරිනිවාස හිමියන්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අපවත්වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ බෝධිමළුව විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර එහි තබා තිබූ ශෝක සටහන් පොතේ සටහනක් ද තැබීය.

අනතුරුව රුවන්වැලි සෑය විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නා හිමි ආදාහන පූජෝත්සවයේ කටයුතු පිළිබඳව ද සොයා බැලීය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන්...

ඉන්ධන සැපයුම අඩුකරමින් පාරිභෝගිකයින් පීඩාවට පත් කළොත් පෞද්ගලික සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නවා – අනුර

මෙරට ක්‍රියාත්මක පෞද්ගලික ඉන්ධන සමාගම් දිගින් දිගටම ඉන්ධන සැපයුම...

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් රියාද් ගුවන් ගමන් ඔක්. 18 දක්වා අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : රියාද් ගුවන් තොටුපළට...

ඔක්. 19 සිට රේගු ප්‍රකාශන සඳහා ඩිජිටල් අත්සන් අනිවාර්යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : ඔක්තෝබර් 19 වන...