බදුල්ල දිස්ත්‍රික්කයේ A සමර්ථ 4ක් ලබාගත් පාසල් දරු දැරියන් 354 දෙනෙකු ඇගයීමට ලක්කෙරේ

Date:

බදුල්ල දිස්ත්‍රික්කයේ දරු දැරියන් 354 දෙනෙකු පමණ පසුගියදා පැවති (අ.පො.ස) උසස් පෙළ විභාගයෙන් සියලු විෂයයන් සඳහා ඒ සාමාර්ථ ලබාගනිමින් විශිෂ්ට දස්කම් පා විශ්ව විද්‍යාලවලට ඇතුල් වීම සඳහා වරම් ලබාගෙන ඇත.

මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතුරින් බොහෝ දෙනෙකු අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වන අතර විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමේදී ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිළිබඳව පැනනැඟී ඇති ගැටළු පිළිබඳව සාධනීය විසඳුමක් ලබාදීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, තමා ඇතුළු සිය පෞද්ගලික කාර්යමණ්ඩලය, හා දානපතීන් සම්බන්ධ කරගනිමින් මෙම සිසු දරු දැරියන් 354 දෙනා සඳහාම විශ්ව විද්‍යාලවලට ඇතුලත් වීමේදී අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කරගැනීම සඳහා එක් දරුවකුට රුපියල් දස දහස බැගින් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

මෙහි සම්බන්ධීකරණ කටයුතු ඌව පළාතේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිදුකරන ලබන අතර මෙම දරුවන්ගේ හා ඔවුනට අතදීමට කැපවූ ගුරුභවතුන් ඇගයීමත්, මුදල් තැන්පත් කරන ලද බැංකු ගිණුම් පොත් එකී දරුවන් වෙත භාරදීමත් සඳහා මෙම මස 22 දින පෙ.ව. 10.00 ට බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදීත්, 23 වන දින පෙ.ව. 9.00 ට මහියංගනය ජාතික පාසල් ශ්‍රවණාගාරයේදීත්, එදිනම සවස 2.30 ට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදීත් සම්මාන උත්සව තුනක් පවත්වන ලදී.

මෙම උත්සව අවස්ථාවන් සඳහා සම්මානලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ඔවුන්ගේ දෙමාපියන්, බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කරන විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහභාගී වූහ.

මෙම උත්සවයන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඌව ආණ්ඩුකාර එම්. මුසාමිල්, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකයින් පිරිසක් ද සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...