දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/24

Date:

  1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කෙරේ ලබා දුන් පොරොන්දුවලට ප්‍රකාරව ප්‍රධාන අපනයන බෝග වන තේ, පොල් සහ රබර් වෙතත් බදු පැනවීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යංශය උත්සුක වෙයි! – රාජ්‍ය ව්‍යවසාය (SOE) තුළ ප්‍රධාන ප්‍රතිසංස්කරණ ඇතිකිරීම කෙරෙහි ද අවධානය
  2. 2023 අයවැය තුළින් තවත් බදු ඉහළ නැංවීමට නියමිතයි – එළඹෙන වසර තුළ රු. ට්‍රිලියනයකට අධික මුදලක් එකතු කිරීම කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානය – රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ආදී ආයතනවලින් ද තවත් බදු අපේක්ෂා කෙරෙනු ඇත – වාහන ආනයන තහනම ඉදිරියටත් පවත්වා ගැනීමට නියමිතයි.
  3. රජයේ ආදායම් 2022 වර්ෂයේ පැවති රු. බිලියන 2,056 ට සාපේක්ෂව 2023 වර්ෂය වන විට රු. බිලියන 3,500 දක්වා ඉහළ නංවා ගැනීමේ ඉලක්කයක් – මෙය සියයට 70 ක ඉහළ යාමක් ලෙස තක්සේරු කරයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ධන බද්ද, ඉඩම් සහ දේපළ බද්ද සහ මරණ බද්ද ඉලක්ක කරනු ඇති.
  4. ඉහළතම අධිකරණය ‘ලඹකැටයක් මෙන් වැනෙමින්’ තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට මීට වසර කිහිපයකට ඉහත පැවති තම ස්වකීය අභිලාෂයන් ම අමතක වී ගොස් ඇති බවක් පෙනෙන්නට ඇති බව චෝදනා කරයි.
  5. පාස්කු ඉරුදින ප්‍රහාරය විමර්ශනය සඳහා ජාත්‍යන්තර සහාය පැතීමක් අවශ්‍ය නොවන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පවසති – අවශ්‍ය වන්නේ දේශීය වශයෙන් රැගෙන යනු ලබන විමර්ශන ක්‍රියාවලිය ‘නිර්දේශපාලනීකරණය’ කිරීම බව අවධාරණය කරයි.
  6. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු තොග අවසන් වීමට ළඟයි – රටේ විදුලි ඉල්ලුමෙන් සියයට 40 ක ප්‍රමාණයක් ලබා දෙන මෙම බලාගාරයට ඉදිරියේදී ලැබිය යුතු ගල් අඟුරු තොග පිළිබඳ අවිනිශ්චිතභාවයක් – ගල් අඟුරු නැව්ගත කිරීම් 04 ක් සඳහා ඇණවුම් කර ඇති මුත්, ගෙවීම් සිදුකර ඇත්තේ එකකට පමණක් බව ආරංචිමාර්ග පවසයි – අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා භාවිතා කළ ගල් අඟුරු තොගය සඳහා අදාළ ගෙවීම් 2022 මාර්තු 31 ට පෙර සිදුකරන ලදී.
  7. අධිකරණය විසින් වරදකරුවන් කළ හිටපු LTTE සාමාජිකයන් 08 දෙනෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ජනාධිපති සමාව.
  8. විදේශ විනිමය හිඟය දිගටම පැවතුනහොත් ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රියාවලිය වෙනස් කිරීමට සිදුවනු ඇති බව බලශක්ති අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ පවසයි – ඩොලර් අර්බුදය මධ්‍යයේ තෙල් මිලදී ගැනීම ‘ප්‍රශ්න සහගත’ බව අවධාරණය කරයි.
  9. එළඹෙන වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ආනයනික ටයිල් සහ නානකාමර උපාංග ක්ෂේත්‍රය ස්වයංපෝෂිත වනු ඇති බව සෙරමික් සහ වීදුරු භාණ්ඩ කර්මාන්ත සභා (Ceramic and Glass Industry) සාමාජික අරවින්ද පෙරේරා පවසයි – එකී නිශ්පාදන ආනයනය කිරීම සඳහා රජය විසින් පැනවූ තහනම මීට හේතුවනු ඇති බව අවධාරණය කරයි.
  10. ICC ලෝක කුසලාන T20 කණ්ඩායම් ක්‍රිකට් තරඟාවලියෙන් අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට කඩුලු 09 ක ජයක් – අයර්ලන්තය පන්දුවාර 20 කින් 128/8; ශ්‍රී ලංකාව පන්දුවාර 15 කින් 133/1.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...