සෙලාන් බැංකුවේ පමණක් 700ක් රට හැර ගිහින් !

පසුගිය මාස 10ක කාලය තුළ සෙලාන් බැංකුවේ පමණක් නිලධාරීන් 700කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව වාර්තා වේ.

අනෙක් බැංකුවල මෙම තත්වය මීටත් වඩා ඉහළ බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් ඇති බොහෝ දෙනා සිය පවුල් පිටින්ම විදෙස් රටවල පදිංචියට යාමට කටයුතු කරමින් සිටිති. මීට හොඳම උදාහරණය සෑම දිනකම උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල දක්නට ලැබෙන පාස්පෝට් පෝලිමයි.

මේ තත්වය දිගටම පවතින්නේ නම් රටේ බොහෝ සේවාවන්ට බරපතළ ගැටලු සහගත තත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇති අතර රට බුද්ධිමය කාන්තාරයක මට්ටමක් කරා කෙමෙන් කෙමෙන් තල්ලු වනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මනියේ ජීවන වියදම් විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ජර්මනියේ ඉහළ යන...

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...