කුකුල් කේන්තිය පසෙකලා සාකච්ඡා පැවැත්වීමට චීනයේ එකඟතාවය!

Date:

දෙපාර්ශවයටම ප්‍රතිලාභ ලැබෙන පරිදි එක්සත් ජනපදය සමඟ එක්ව වැඩ කිරීමට චීනය සූදානම් බව එරට ජනපති ෂි ජින්පිංග් මහතා ප්‍රකාශ කර තිබේ.

චීනයේ රාජ්‍ය මාධ්‍යයක් වන China Central Television (CCTV) අද (27) දින වාර්තා කරන අන්දමට, චීන ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ ඊයේ (26) දින පැවැත්වූ එක්සත් ජනපද – චීන සබඳතා පිළිබඳ ජාතික කමිටුව (National Committee on US-China Relations) රැස්වූ ගලා උත්සවයේ දී ය.

ගෝලීය ආර්ථිකයේ චීනයට හිමි බලය අඩපණ කිරීමේ අරමුණින් චීනය පසුකර අසල්වැසි තායිවානය සමඟ වෙළඳ සබඳතා වැඩිදියුණු කර ගන්නා බවට එක්සත් ජනපදය ප්‍රකාශ කිරීමත් සමඟ එක්සත් ජනපදය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික විරසකයක් නිර්මාණය වූ බවට පසුගිය දින වල වාර්තා පළවී තිබිණි.

මෙම විරසකය උඩුදිව ගියේ එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි ගේ තායිවාන සංචාරය සමඟ ය.

චීනයෙන් ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වන රාජ්‍යයක් ලෙස තායිවානය හඳුනාගෙන තිබුණ ද තායිවානය තවමත් චීනයේ කොටසක් ලෙස සලකන චීන පාර්ශවයන් සිටින පසුබිමක මෙම විරසකය නිර්මාණය විය.

මෙම විරසකය හමුවේ චීනය විසින් දැඩි ප්‍රතිචාරයක් දැක්වූ අතර, එක්සත් ජනපදය කටයුතු කරන අන්දම පිළිබඳ විවිධ අවස්ථාවල අනතුරු හැඟවීම් ද නිකුත් කර තිබිණි. ඇතැමුන් මෙම විරසකය යුක්රේන – රුසියානු යුද්ධය මෙන් තවත් යුද්ධයක් නිර්මාණය කිරීමේ ප්‍රවණතාවයක් නිර්මාණය කරනු ඇති බව ද අනතුරු ඇඟවූ අවස්ථා තිබේ.

රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් වරක පවසා සිටියේ එක්සත් ජනපදය මෙලෙස ආසියා පැසිෆික් කලාපය තුළ නොසන්සුන්භාවයක් ඇති කරන්නේ සෝවියට් දේශයට එරෙහිව යුරෝපීය කලාපයේ ගොඩනඟා ගත් නේටෝ සංවිධානය මෙන් යුධ එකමුතුවක් චීනයට එරෙහිව ආසියා පැසිෆික් කලාපයේ නිර්මාණය කර ගැනීමේ අදිටනින් යුතුව බව ය.

කෙසේවෙතත්, දෙපාර්ශවය අතර සබඳතා වෙනුවෙන් දෙපාර්ශවයටම ප්‍රතිලාභ ඇතිවන පරිදි සාකච්ඡා පැවැත්වීමට චීන ජනපතිවරයා දැන් සිය එකඟතාවය පළකර තිබේ.

ඡායාරූප: GETTY IMAGES

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...