අපේ ප්‍රතිපත්ති ගැළපෙන්නේ නැත්නම් තීරණයක් ගන්න – මෛත්‍රීගේ ආණ්ඩු විරෝධයට අදත් SLPP යෙන් ප්‍රතිචාර (VIDEO)

Date:

මෛත්‍රීපාල සිරිසේන මහතා යනු වරක් ආප්ප කා ආප්ප දිරවීමටත් පෙර කළ දේවල් ගැන දන්නා හෙයින් පැහැදිලිවම කීමට ඇත්තේ වැරදි ලෙස විවේචනය කිරීම නතර කර තීන්දුවක් ගෙන එම තීන්දුව අනුව කටයුතු කරන ලෙස යැයි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

කෙසේවෙතත් ළඟදීම ඒවාට විසඳුම් ලැබෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා යනු ක්‍රියාවෙන් ඔප්පු කිරීම කෙසේවෙතත් කතාවෙන් සුරංගනා ලෝකයක් මැවීමට හැකි කෙනෙක් බවද හෙතෙම පැවසුවේය.

එමෙන්ම ඔහු ගැන අවබෝධකරගැනීම සඳහා ඔහුගේ දියණිය විසින් එළිදැක්වූ ”ජනාධිපති තාත්තා” කෘතිය නැවත කියවා බලන ලෙසයි පියල් නිශාන්ත මහතා සඳහන් කළේ.

”අපි පැහැදිලිවම කියන්නේ කාණු,බෝක්කු,වේදිකා ගානේ කියව කියව යන්නේ නැතිව කණ්ඩායම් රැස්වීමේ පැහැදිලිව කියන්න.තැන් තැන් වල මෙහෙම කතා කීම සුදුසු දෙයක් නෙවෙයි.රටේ ජනතාවට හොඳ බුද්ධියක් තියෙනවා. වෙච්ච දේවල් අමතක වෙලා නැහැ.හැබැයි ආණ්ඩුව ඇතුලේ ඉඳන්ම කුමන්ත්‍රණ කරන්න සූදානම් වෙන්න එපා.ඉදිරි අවුරුදු 3ක කාලය තුළ රට සහ ජනතාව වෙනුවෙන් වන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ.කශේරුකාවක් තියෙන අය පෙන්වන්න එය තිබෙන බව. ඒක පෙන්වන්න ඕනේ බෝක්කුවේ,කාණුවේ,පේමන්ට් එකේ නෙවෙයි කණ්ඩායම් රැස්වීමේ.ඔය කියන දේවල්වල ප්‍රතිඵල එතුමාටම ලැබෙයි. ජනතාව මන්දබුද්ධික නැහැ.” යනුවෙන් වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා පවසන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...