ඉවසලා ඉන්න කන්න දෙක තුනක් ගියාට පස්සෙ කාබනික ගොවිතැන සාර්ථක වෙනවා සත්තයි ! – මහින්දානන්ද

Date:

කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ආරම්භ කළ වැඩපිළිවෙල ක්‍රමවත් අධ්‍යයනයකින් පසුව ආරම්භ කළ වැඩපිළිවෙලක් බවත්, ශ්‍රී ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත බවට පත් කිරීම එහි අරමුණ බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. එම අරමුණ ඉටුවන තෙක් කුමන හේතුවක් මත හෝ කාබනික ප්‍රතිපත්තියෙන් බැහැර නොවන බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

මෙම කන්නයේදී ඇති වූ අඩුපාඩු මගහරවා ගනිමින්, ගැටලු විසඳා ගනිමින් එළඹෙන කන්නයේදී කාබනික වගා ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙනයෑමට හැකිවනු ඇති බවටද කෘෂිකර්ම ඇමතිවරයා විස්වාසය පළ කරනවා.

ලෝකයේ මත්කුඩු හැරෙන්නට අනෙක් ප්‍රධානතම මාෆියාව රසායනික පොහොර බව පෙන්වා දෙන අළුත්ගමගේ මහතා පවසන්නේ මේ නිසා කාබනික පොහොර ව්‍යාපෘතිය ආපසු හැරවීමට රසායනික පොහොර සමාගම් විශාල ලෙස මුදල් යොදවන බව සඳහන් කරනවා. කෘෂිකර්ම අමාත්‍යංශයට සහ ආණ්ඩුවට හැප්පීමට සිදුව තිබෙන්නේ බිලියන 100 ක මුදලක් සමග බවද ඔහු පවසනවා.

සියලු දෙනාගේ සහයෝගය නිසි පරිදි ලැබෙන්නේ නම් ඉතා ඉක්මනින් කාබනික වගාව සාර්ථක කරගත හැකි වනු ඇති බවත්, තවත් කන්න කිහිපයක් යනවිට එහි සාර්ථක ප්‍රතිඵල සියලු දෙනාටම භුක්ති විඳීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඇමතිවරයා පවසනවා. එතෙක් බාධා සිදු නොකර, සියලු අපහසුතා ඉවසා දරාගෙන සිටින ලෙස මහින්දානන්ද අළුත්ගමගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...