මිල අධිකම පාපන්දු වසන්තය මෙවර කටාර්හිදී

Date:

2018 වසරෙන් අනතුරුව 2022 නොවැම්බර් 20 වැනිදා ආරම්භ වන පාපන්දු ලෝක කුසලානය සඳහා ලොව පුරා සිටින මිලියනයකට අධික පාපන්දු ලෝලීන් කටාර් වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලොක කුසලානය වෙනුවෙන් සම්බන්ධවන රටවල් 32ට අමතරව ලොවපුරා සිටින ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් පිළිගැනීමට මේ වන විටත් කටාර් සූදානම් වෙමින් ඇත.

2006 ලෝක කුසලානයේ සියලුම තරඟ වල සමුච්චිත නරඹන්නන්ගේ සංඛ්‍යාව බිලියන 26.29ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඇස්තමේන්තුගත මිලියන 715.1 ක ජනතාවක් අවසන් තරඟය නරඹා ඇත, එය ග්‍රහලෝකයේ සමස්ත ජනගහනයෙන් නවයෙන් පංගුවකි.

කොස්ටාරිකාහි ක්‍රිඩා ලෝලීන් රටතුළ ජීවන වියදම, ඉහළ යන පොලී අනුපාත සහ ශක්තිමත් ඩොලරයට සාපේක්ෂව උද්ධමනය 10%කින් ඉහළයාමත් සමඟ ඔවුන්ට මැද පෙරදිගට යාම වියදම් අධික කාර්යක් බවට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. ඒ අනුව මෙවර ලෝක කුසලානය බොහෝ දෙනෙකුට මිල අධික ලෝක කුසලානයක් බවට පත්වනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

1930 සමාරම්භක තරඟාවලියේ සිට සෑම වසර හතරකට වරක් ශූරතාවය පිරිනැමෙන අතර වත්මන් ශූරයන් වන්නේ 2018 ජය හිමිකරගනු ලැබූ ප්‍රංශයයි. ලෝක කුසලානය යනු ලෝකයේ වඩාත්ම කීර්තිමත් පාපන්දු කණ්ඩායම් අතර තරඟාවලියක් වන අතර, මෙය ලෝකයේ වඩාත්ම පුළුල් ලෙස නරඹන ලද සහ අනුගමනය කරන තනි ක්‍රීඩා ඉසව්වයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...