විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්ව රාජ්ය මර්දනයට එරෙහිව පවත්වන විරෝධතා පා ගමන මේ වනවිට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී තිබේ.
විරෝධතාකරුවන් මේ වනවිට සාමකාමීව පා ගමනින් ටෙක්නිකල් හන්දිය දෙසට පැමිණෙමින් සිටිති.
විදෙස් සංචාරකයින්ට, පදික වෙළඳුන්ට සහ මගීන්ට අවහිර වන නිසා මෙම පා ගමන පැවැත්වීමට අවසර දිය නොහැකි බවත් මෙයින් මාර්ග අවහිර වුවහොත් නීතිමය ක්රියාමාර්ග ගන්නා බවත් පොලිසිය විසින් එහි සංවිධායකයින්ට දැනුම් දී තිබිණි.
RN