බල්ලන්ගේ මානව හිමිකම්

අද උදේ පාන්දර බල්ලා කන්පොට ගැහුවා.සට සට ගාලා.රූපවාහිනි පෙට්ටියෙ ප්‍රවුත්ති යනවා.මායියා කට ඇරගෙන බලං ඉන්නවා….ආයුද පෙන්නන්ඩ එක්ක ගිහිං පොලිස්සියට වෙඩි තියන්න හදලා ආරක්සාවට පොලිස්සිය වෙඩි තියලා නීතිය,සාමය,පොජාචන්ත්‍රවාදය ආරස්සා කොරලා….ඒක ගිය අවුරුද්දෙ වෙච්ච එකක්….මේ අවුරුද්දෙත් ඒ විදිහටම බල්ලා කන්පොට ගැහුවා…මං බැලුවා ටී.වී.පෙට්ටියට එබිලා…..
අම්මට සිරිගජ…හිනාවෙන්ඩෙපා හිතෝතුනි….බල්ලන්ට ගල්කැටඔලිං ගැහුවොත් හිරේ….සම්මතයි…..හරියටම හරි….ආයෙ ඕක අමුතුවෙං සම්මත කොරන්ඩ තරං දෙයක්යැ…..ඔහොම හිත හිතා ඉන්න අස්සෙ බල්ලා ගෑටුවා නිමලෙලැ පැත්තට….මාත් ගෑටුවා ඒ පස්සෙං…..පාර පුරා බල්ලො රැස්වෙලා……මේ ජනේරුවෙ කොහොමත් උං රංචුවෙ යනවා නෙවැ….

අපේ එකත් එක්කහු වුණා.
“ඈ බං නිමලෙ.මොකද්ද මේ බල්ලංගෙ තදියම?
“බණ්ඩයියට පිස්ස්සුද.උංගෙ මානව අයිතිවාසිකං වියස්තාවෙං පිළිගත්තනං අපි මොකට කලබල වෙනවද.?
“හ්ම්…ඇත්ත.. ඇත්ත..බල්ලෙකුටවත් පාරක  යන්ඩ බැරි රටක් කියන එකද ඔය..”
“අනේ පලයං යන්ඩ බණ්ඩයියෙ….බල්ලන්ටත් ඕන තැනක නිදහසේ යන්ඩ පුලුහං.ආයුද පෙන්නන්ඩ නිදහසෙ එක්ක යන්ඩ පුලුහං.ආයුද පෙන්නලා එන්ඩ පුලුහං.හැබැයි පෙන්නපු ආයුදේම අරං පොලිස්සියට වෙඩි තිබ්බොත් මළ කෙළියයි.”
“ආන්න ඒකෙදි බල්ලා මතක් වෙන්නැද්ද?”
“ඒ කීවෙ?”
“එහෙම වෙඩි තියන්ඩ පුලුහන්ද….පාර යනකොට බල්ලෙක් කකුල කඩං කනවා.ඌට ගල් ගහනව.ඊට පස්සෙ හිරේ යනවා…..”
“පාරට බල්ලා දාන එකා මොකාද?”
“ආයුද පෙන්නන්ඩ එක්ක යන එකා මොකාද?”
අනේ මන්දා….මේ ඔක්කොම පැටලෙනවා.ඒ අස්සෙ බල්ලො උඩු බුරනවා.පොලිස්සිය ආයුද පෙන්නන එකා රෑට අරං යනවා.සිරිලංකා පොජාචන්ත්‍රව්‍යාධී සමාජව්‍යාධී රජය දිනේවා…බල්ලො බුහ් ගෑවට….අපට කෙළවෙයිද?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...