ගෝල්ෆේස් රිද්මයෙන් දැන් සටන් කරන්න බෑ. පියවරක් පසුපසට එන්න ඕනෑ – අනුර (VIDEO)

ගෝල්ෆේස් සටන ඒ රිද්මයෙන්ම වත්මන් පාලනය හමුවේ කරගෙන යාමට නොහැකි බවත් වත්මන් තත්වය තුළ අරගලය පියවරක් පසුපසට ගතයුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

“ගෝල්ෆේස් සටන ඒ රිද්මයෙන් දැන් අඛණ්ඩව ගෙනියන්න බෑ. අපි පියවරක් පසුපසට එන්න ඕනෑ. දැන් දෙවනිදා උද්ඝෝෂණයක් තිබ්බා නේද ? උද්ඝෝෂණය තියනකල් කට්ටිය අපෙන් ප්‍රශ්න ඇහුවා යන්නෙ නැද්ද කියලා. අපි කිව්වා ටිකක් මෙහෙමයි ඒකෙ තත්වෙ කියලා. දෙවැනිදා වෙනකල් අපි දවස් දෙක තුනක් විශාල උත්තර දුන්නා. දෙවැනිදා මොකද වුණේ ? ඒගොල්ලො උත්තරයක් දුන්නා. වැඩේ ඉවරයි. විනයක් නැති, සංවිධානයක් නැති, ඉලක්කයක් නැති … මේ මොකක්ද වෙලා තියෙන්නෙ ? හැමතැනම මර්දනයට එකක්, ආර්ථිකයට එකක්, හොරකමට තව එකක්, එහෙම තියෙනවාද අරගල ? මේ රටේ ජනතාව මුහුණ දෙන සකලවිධ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය හැකි ජනතා ව්‍යාපාරයක් හරහා පාලකයාත් එක්ක මේ ගනුදෙනුව බේරාගන්න ජාතික ජන බලවේගය සූදානම්”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පෙරේදා (06) හෝමාගමදී පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...

දශක කිහිපයකට පසු ඉහළම ඡන්දදායක සහභාගීත්වයක් සහිතව ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඊශ්‍රායලයේ පැවැත්වෙන...