- ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊජිප්තුවේ පැවති COP27 සමුළුව අමතයි. යටත්විජිත සමයේ ආසියාවේ සහ අප්‍රිකාවේ සම්පත් යුරෝපයට ගෙන ගිය අතර එම සම්පත් ඔවුන්ගේ රටවල් කාර්මිකකරණය කිරීමට භාවිතා කළ බව නොරහසක් බවත්, මෙම සම්පත් කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම රටවල් දිළිදුභාවයට පත්වූ බවත් ඔහු පවසයි. සංවර්ධිත ආර්ථිකයේ අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවල මූලික හේතුව වන බව අවධාරණය කර සිටියි.
- මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකුවෙන් පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ද වැටුප් උපයන බව ජානිපෙ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් ප්‍රකාශයක්! මේ හේතුවෙන් විශාල බැඳියා ගැටුමක් නිර්මාණය කරන බවට ද ප්‍රකාශ කරයි.
- ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ අධ්යක්ෂ ෆාරිස් හඩඩ්-සර්වෝස්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකාරී ප්‍රතිපත්තිය සහ දැක්ම පිළිබඳව විස්මයට පත් ව ඇති බවත්, ජනාධිපතිවරයාගේ දැක්මට සහය පළ කර තිබූ බව ත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ප්‍රකාශ කරයි.
- ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්ෂණික ප්‍රශ්නවලට විසඳුම් ලබාදී රට ස්ථාවර මට්ටමකට ගෙන ආ බව හිටපු අමාත්‍ය සහ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ද පවසන්නේ ජනාධිපතිවරයා දැවෙන ගැටළු වලට විසඳුම් ලබා දී ඇති බව යි.
5.ජනාධිපතිතුමාට සහ පාර්ලිමේන්තුවට විරුද්ධව විපක්ෂයේ විවේචනයට කථානායක මහින්ද යාපා අබේවර්ධන දෝෂාරෝපණය කරයි. ඒකාබද්ධ කාරක සභා පත්කිරීම ප්‍රමාද කිරීම ඇතුළු චෝදනාවලට හේතු කථානායක මාධ්‍ය ලේකම් ප්‍රකාශ කරයි. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම පාර්ලිමේන්තුවේදී හෙළිකරන තුරු විපක්ෂය කාරක සභාවලට එක් නොවන බව ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කරයි.
- විපතට පත් යාත්‍රාවකින් ශ්‍රී ලාංකිකයන් 303 දෙනෙකු බේරාගෙන හැනෝයි සිට කිලෝමීටර් 1800 ක් දුරින් පිහිටි වියට්නාමයේ Vung Tau වරාය වෙත රැගෙන ගොස් ඇති බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය අවධාරණය කරයි.
- හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් “ආර්ථික ඝාතකයන් මැද” (“Among Economic Hitmen”) යන ග්‍රන්ථය එළි දක්වයි. රටේ බංකොලොත්භාවයට තුඩුදුන් කරුණු සහ එහි පිටුපස සිටින පුද්ගලයින්ට අදාළ සියලු ප්‍රශ්නවලට පිළිතුරු මෙහි ඇතුලත් වේ.
- හොරණ මිල්ලනිය ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන්ට වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ විදුහල්පතිනිය රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා නියෝග කරයි.
- ධනිෂ්ක ගුණතිලක සහ ඔහු “Dating” වෙබ් අඩවියක් හරහා හඳුනාගත් ඕස්ට්‍රේලියානු කාන්තාව සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්‍රාමලත් විනිසුරු සිසිර රත්නායක, නීතිඥ නිරෝෂණ පෙරේරා සහ නීතීඥ අසේල රැකව ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි.
- නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ මිලියන 3.4 ක ජනතාවකට ජීවිතාරක්ෂක ආධාර සැපයීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා සහ රාජ්‍ය නොවන සංවිධානවල එක්සත් ජාතීන්ගේ කණ්ඩායම් විසින් “මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා” (Humanitarian Needs and Priorities – HNP) සැලැස්ම දියත් කරයි.