කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදි කිරීම අද උදෑසන ආරම්භ කර ඇත…

රට තුළ මහත් ආන්දෝලනයක් නිර්මාණය කළ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අද උදෑසන (2022.11.09) ආරම්භ වී ඇත. බටහිර පර්යන්තය ඉදිකිරීම සඳහා වන ආයෝජන සිදු කර තිබෙන්නේ ඉන්දියාවේ අදානි සමාගමයි.

ඉන්දියාවේ අදානි සමාගමට මෙම බටහිර පර්යන්තය ලබාදීම සම්බන්ධව දැඩි ආන්දෝලනයක් නිර්මාණය වෙමින් පසුගිය දා එහි සේවකයන් සහ වෘත්තීය සමිති ද දැඩි විරෝධයක් පළ කරනු ලැබීය. ප්‍රථමයෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මෙලෙස ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට කටයුතු කටයුතු සූදානම් වුවත් දිගින් දිගටම එල්ල ඔව් විරෝධතා හමුවේ කොළඹ වරාය බටහිර පර්යන්තය අදානි සමාගමට ලබාදීමට රජය කටයුතු කරනු ලැබීය.

ඒ අනුව ඉන්දියාවේ අදානි සමාගම විසින් කොළඹ වරායේ බටහිර පර්යන්තය සඳහා ඩොලර් මිලියන 700 ක් පමණ මුදලක් ආයෝජනය කරමින් ඉදිකිරිම සඳහා වන කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. වසර තුනක් ඇතුළත වරාය බටහිර පර්යන්තය ඉදි කිරීම් නිමාවට පත් කිරීමට සැලසුම් කර ඇත . බටහිර පර්යන්තයේ වැඩ කටයුතු අද පෙරවරුවේ (2022.11.09) ආරම්භ වූයේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන ආරාධිතයන් ගේ සහභාගිත්වයෙනි.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.09

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...