නීලවර්ණ සාගරයෙන් වට වූ සුන්දර දිවයිනක් වන ශ්‍රීලංකාව මත්ස්‍ය සම්පත ඉහලින්ම ඇති රටකි. රට වටා ඇති වෙරළ තීරය දූපත් ද සහිතව දිගින් කිලෝමීටර 1,817 ක් පමණ වේ. වර්ග කිලෝමීටර් 30,000ක් පමණ වන නොගැඹුරු මුහුදු ප්‍රදේශය මහද්වීපික තටාකයයි. නාවික සැතැපුම් 200ක් දක්වා කලාපය ශ්‍රී ලංකාවේ “අනන්‍ය ආර්ථික කලාපය “ලෙස හඳුන්වන අතර , ඊට වර්ග කිලෝමීටර 517, 000 ක මුහුදු ප්‍රදේශයක් අයත් වේ.
ධීවර කර්මාන්තයේ උන්නතිය උදෙසා 1964 වසරේදී ලංකා ධීවර සංස්ථාව ස්ථාපනය කෙරිණි . එය සිය මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ 1965 වසරේ දී ය.
◾සංස්ථාවේ අරමුණ වන්නේ ◾
පාරිභෝගිකයාගේ හා නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය සඳහා මත්ස්‍ය නිෂ්පාදනය වෙළදාම සඳහා මඟ පෙන්වන හා ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම වාණිජ ආයතන බවට පත්වීමයි.
◾ සංස්ථාවේ මෙහෙවර ◾
දළ ජාතික නිෂ්පාදිතයට වැඩි දායකත්වයක් ලබා දෙමින් මත්ස්‍ය නිෂ්පාදන අලෙවිය , පිරි සැකසීම සහ අලෙවිකරණය සඳහා වගකිව යුතු වඩාත්ම වැදගත් ආයතන බවට පත්වීම එහි මෙහෙවරයි.
රටේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් 65%ක් පමණ සපයන්නේ ධීවර කර්මාන්තයෙනි. සෘජුව හා වක්‍රව කර්මාන්තයේ යෙදෙන පිරිස 185,000 කට අධිකයි. මින් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 06 කට අධික වේ. ධීවරයින්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කිරීම , නවීන තාක්ෂණයෙන් ගුණාත්මක මත්ස්‍ය හා මත්ස්‍ය අතුරු නිශ්පාදන සහ අතුරු නිෂ්පාදන නිපදවීම හා අලෙවිය ගැඹුරු මුහුදේ ධීවර මෙහෙයුම් ආදිය සංස්ථාවෙන් සිදු කෙරෙන ප්‍රධාන කාර්යන් වේ.
තොග හා සිල්ලර ව මසුන් බෙදා හැරීම මෙන්ම විකිණීම ධීවර වරාය ශීත ගබඩා සහිත නැංගුරම් පොල ඉදිකිරීම හා නඩත්තුව, කර්මාන්තය සඳහා ධීවර ආම්පන්න හා අවශ්‍ය උපකරණ ආනයනය හා විකිණීම ද සිදුකෙරුණුයේ සංස්ථාවේ මැදිහත් වීමෙනි. බෝට්ටු හා කුඩා නැව් තැනීම ඒවා අළුත්වැඩියාව හා නඩත්තුව ද සිදුකෙරේ. අලෙවි කලාපයේ කර්තව්‍ය වනුයේ අදාල කලාපයේ පිහිටා ඇති සිල්ලර අලෙවි සැල් මගින් පාරිභෝගිකයන්ට තරගකාරී මිලගණන් වලට මාළු බෙදාහැරීම හා විකිණීමයි.
විශාලතම මත්ස්‍ය අළෙවිසැල සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ පිහිටුවා ඇති අතර සංස්ථා කළමනාකාරිත්වය සෘජු පාලනය යටතේ පවතින සිල්ලර අලෙවි සැල් හා තොග අලෙවි මධ්‍යස්ථාන සංඛ්‍යාව 105කි. සංස්ථාව රජයේ සියලු රෝහල් හා රාජ්‍ය ආයතන ගණනාවක් සදහා මාලු සැපයීම ද සිදු කෙරේ.
සංස්ථාවේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය වනුයේ ද මෙයයි. මෙරට මත්ස්‍යයන් වෙනුවෙන් විදේශ රටවලින් විශාල ඉල්ලුමක් පවතී. මත්ස්‍ය අපනයනයෙන් ලබන වාර්ෂික ආදායම දළ වශයෙන් රුපියල් මිලියන 25කට අධිකයි.
ලංකා ධීවර සංස්ථාවේ සක්‍රීය මැදිහත් වීමෙන් නව තාක්ෂණය ඔස්සේ මෙම කර්මාන්තය ශක්තිමත් මාවතකට යොමු කිරීමටත් ඒ තුළින් සෘජුව හා වක්‍රව කර්මාන්තයේ යෙදෙන පිරිස ගේ හෙට දවස මෙන්ම මෙරට ආර්ථිකයද ශක්තිමත් වනු ඇත.
රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.09