අතිඋතුම් නායකතුමා අණ දුන්නොත් තොලොංචිකර දමනවා – ඉරානයේ විරෝධතාකරුවන්ට අවසාන අනතුරු ඇඟවීම හමුදාවෙන්!

Date:

බුර්කාව නිසි පරිදි පැළඳ නොසිටීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වූ 22 දෙහැවිරිදි කාන්තාවක් වන මාහ්සා අමීනි ගේ අභිරහස් මරණය සමඟ ජන අරගල උත්සන්න විය..

ඉරානයේ දිනෙන් දින උත්සන්න වන ආණ්ඩු විරෝධී විරෝධතා හමුවේ එරට නායක අති උතුම් අයතුල්ලා අලි ඛමේනි විසින් විධානය ලබා දුන්නහොත් ජාතික මට්ටමෙන් එකී විරෝධතා මර්දනයකර දැමීමට කටයුතු කරන බව එරට හමුදාව පවසයි.

ඉරාන නායකතුමා විසින් නිසි විධානය ලබා දුන්නහොත්, ඉස්ලාම් ජනරජය තුළ කැරලිකරුවන්ට ඉඩක් ලබා නොදෙන බවත්, දැඩි තීරණයකට එළඹ ක්‍රියාකරන බවත් එරට යුධ හමුදා පාබල අණදෙන නිලධාරී කියුමාර්ස් හේදාරි ඊයේ (08) දින පැවසූ බවට ඉරාන රජයට හිතවාදී මාධ්‍ය ආයතනයක් වන මෙහ්ර් වාර්තා කර සිටියි.

එම පුවත් සේවය වාර්තා කරන අන්දමට, මේ සඳහා අවශ්‍ය වන්නේ ඉරානයේ අති උතුම් නායකතුමාගේ විධානය පමණක් බවත්, එකී විධානය හමුවේ දීප ව්‍යාප්තව කැරළි මර්දනය කර දැමීමට කටයුතු කරන බවත් ඔහු පවසා තිබේ.

ඉරානයේ සදාචාර පොලීසිය (morality police) විසින් බුර්කාව නිසි පරිදි පැළඳ නොසිටීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් 22 හැවිරිදි කුර්දි-ඉරාන ජාතික කාන්තාවක් වන මාහ්සා අමීනි ගේ අභිරහස් මරණය සමඟ මෙම ජන අරගල උත්සන්න වූ අතර, මෙම ජන විරෝධතා මෑත ඉරානයේ හටගත් විශාලතම විරෝධතා ව්‍යාපාරය බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අයතුල්ලා අලි ඛමේනි ඉරාන නායකවරයා පවසා සිටියේ ඉරානයේ නවමු ව්‍යාපෘති සහ සංවර්ධන ශ්‍රේෂ්ඨත්වය අඩපණ කිරීමට සතුරා විසින් නිර්මාණය කරන ලද බොළඳ කැරැල්ලක් බවයි.

මේ වන විට ඉරාන ජන අරගල මර්දනය කිරීම හමුවේ පුද්ගලයන් 270 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 1,400 කට අධික පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති බවත් වාර්තා වේ.

ඡායාරූප: Sky News

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...