සීනි බදු වංචාව..

සීනි බදු සහනය හේතුවෙන් අහිමි වූ රුපියල් බිලියන 16 න් කොටසක් ආදායම් බදු ලෙස අයකර ගැනීමට සැලසුම් කර තිබේ. ඒ අනුව අදාළ මුදලින් 24%ක් එලෙස බදු ලෙස අයකරගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

බදු වංචාවන්ට ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාවේ මෑත කාලීනව සිදු වූ විශාලතම බදු වංචාවක් ලෙස සීනි බදු වංචාව සැලකිය හැකියි. රුපියල් බිලියන 16 ක අති විශාල මුදලක් මෙම සීනි බදු වංචාව හරහා ශ්‍රී ලංකා ආර්ථිකයට අහිමිවිය. පසුගිය කාලයේ ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මෙලෙස අඩු කිරීමට කටයුතු කෙරිණ. ඒ අනුව 2020 වසරේ ඔක්තෝබර් මස 14 වන දා සිට මාස තුනක කාලයක් ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි 1Kg ක් මත පනවා තිබූ රුපියල් 50 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා පහත හෙළනු ලැබිණ.

ඒ තුළින් ජනතාවට සහනයක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස ළ කළ ද , එහි වාසිය මුළුමනින්ම ලබා ගත්තේ සීනි ආනයන කරුවන් කිහිපදෙනෙකු පමණයි. ඒ අතරින් ද ප්‍රධාන ආනයනකරු විසින් මේ සා විශාල බදු වංචාව හරහා මුදල් පොදි බැඳ ගනු ලැබීය. ජනතාවට ලබා දිය යුතුව තිබූ සහනය තම ආදායම මත රඳවා ගන්නට සමාගම් 10ක් කටයුතු කර තිබුණි. ඉන් එක් සමාගමක් විසින් සමස්ත සීනි ප්‍රමාණයෙන් 45% ක් ආනයනය කර තිබීම විශේෂත්වයක්. මෙම බදු සහනය හිමි වූ කාලය තුළ පමණක් මෙම චෝදනා එල්ල වන සමාගම සීනි ආනයනය කල ඇති ප්‍රමාණය 1220% ගුණයකින් ඉහළ ගොස් ඇත. මෙලෙස ගෙන්වූ සීනි ප්‍රමාණය සීනි මෙට්‍රික් ටොන් 125,207 කි. මෙම සිද්ධියට අදාල සමාගම වෙනුවෙන් පමණක් රජය කැපකල බදු ආදායම බිලියන 06 කට අධික බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විගණකාධිපති වාර්තාවේ මේ පිළිබඳ තොරතුරු මැනවින් දක්වා තිබේ. දේශීය ආදායම් කොමසාරිස් වරයාට ඇති බලතල ප්‍රකාරව අදාළ බදු අය කර ගැනීමේ කටයුතු සිදු කිරීමට අපේෂිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.10

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...