සෞඛ්‍යය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල World One Health සමුළුව අමතයි…

Date:

සෞඛ්‍යය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිංගප්පූරුවේ පැවැත්වෙන “World One Health” සමුළුව 2022.11.09 දින ආමන්ත්‍රණය කර තිබේ. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ දේශගුණික විපර්‍යාස වලට මුහුණ දෙමින් ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ලෝකයේම ඉහළ අවධානයක් යොමු යොමුවිය යුතු බවයි.

විශේෂයෙන් ආසියාතික කෘෂිකර්මික රටක් ලෙස ශ්‍රී ලංකාව ඒ කෙරෙහි අවධානය යොමු කර විසඳුම් සෙවීම අත්‍යවශ්‍යයි අමාත්‍යවරයා මෙහිදි පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් වැඩි ප්‍රමාණයක් කෘෂි ආර්ථිකයට එක් ව තිබෙන බවත්, මේ තුළ දේශගුණික, කාලගුණික හා පාරිසරික විපර්යාසයන් හරහා ඇතිවන අවදානමට ඔවුන් ගොදුරු වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා පවසා ඇත්තේ එය ආහාර සුරක්ෂිතතාවය කෙරෙහිද ඍජු බලපෑමක් එල්ල කරන බවයි.

සිංගප්පූරුවේ දී පසුගිය හත් වන දා ඇරඹුණු මේ සම්මේලනය ලබන 11 වැනිදා දක්වා පැවැත්වේ. World One Health සමුළුව ලෝක බැංකුව හා සිංගප්පූරුවේ තමසෙත් පදනම එක්ව සංවිධානය කරන්නකි.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11. 10

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...

21 රැළියෙන් එක එක හැලෙයි! රනිල් එන්නෙත් නැහැ!

කොළඹ LNW:විපක්ෂය එකාබද්ධව පැවැත්වීමට සූදානම් කර තිබෙන මහජන රැළියට...