සෞඛ්‍යය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල World One Health සමුළුව අමතයි…

සෞඛ්‍යය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිංගප්පූරුවේ පැවැත්වෙන “World One Health” සමුළුව 2022.11.09 දින ආමන්ත්‍රණය කර තිබේ. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ දේශගුණික විපර්‍යාස වලට මුහුණ දෙමින් ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ලෝකයේම ඉහළ අවධානයක් යොමු යොමුවිය යුතු බවයි.

විශේෂයෙන් ආසියාතික කෘෂිකර්මික රටක් ලෙස ශ්‍රී ලංකාව ඒ කෙරෙහි අවධානය යොමු කර විසඳුම් සෙවීම අත්‍යවශ්‍යයි අමාත්‍යවරයා මෙහිදි පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් වැඩි ප්‍රමාණයක් කෘෂි ආර්ථිකයට එක් ව තිබෙන බවත්, මේ තුළ දේශගුණික, කාලගුණික හා පාරිසරික විපර්යාසයන් හරහා ඇතිවන අවදානමට ඔවුන් ගොදුරු වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා පවසා ඇත්තේ එය ආහාර සුරක්ෂිතතාවය කෙරෙහිද ඍජු බලපෑමක් එල්ල කරන බවයි.

සිංගප්පූරුවේ දී පසුගිය හත් වන දා ඇරඹුණු මේ සම්මේලනය ලබන 11 වැනිදා දක්වා පැවැත්වේ. World One Health සමුළුව ලෝක බැංකුව හා සිංගප්පූරුවේ තමසෙත් පදනම එක්ව සංවිධානය කරන්නකි.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11. 10

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...