හදිසි මනුෂීය සහන ලබාදීමේ ආයාචන කාලය දීර්ඝ වේ….

Date:

ආර්ථික අර්බුදයෙන් පීඩිත ලක්ෂ 34ක ශ්‍රී ලාංකිකයන් සඳහා හදිසි මනුෂීය සහන ලබාදීමේ ආයාචන කාලය තවදුරටත් දීර්ඝ කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ හදිසි ආධාර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 149.7 ක් රැස් කිරීම එක්සත් ජාතීන්ගේ අපේක්ෂාවයි .

ජගත් සංවිධානය සහ රාජ්‍ය නොවන සහන සේවා කීපයක් එක්ව සිදුකළ ගෝලීය ආයාචනය ක්‍රියාත්මක කිරීම ඇරඹුණේ මේ වසරේ ජුනි මාසයේ සිටයි. මේ දක්වා ඩොලර් මිලියන 79 ක හදිසි ආධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි . තවත් ඩොලර් මිලියන 70ක් මේ වසරේ අවසන් වන විට රැස්කිරිම ආධාර කණ්ඩායමේ අපේක්ෂාවයි . අන්තර්ජාතික ප්‍රජාව මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන සහයෝගීතාවය පිළිබඳ බෙහෙවින් කෘතඥ වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රාජ්‍ය නොවන ආයතන එක්ව නිකුත් කරන නිවේදනයේ දැක්වෙයි.

මෙම මානුෂීය ආධාර , ශ්‍රී ලංකා ජන සමාජයේ වඩාත් අවධානමට ලක් වූ ජන කොටස් වෙත, හදිසි ආධාර ඖෂධ හා වෙනත් මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වෙන් කෙරෙන බව ජගත් සංවිධානය කියා සිටී. මේ සඳහා පුද්ගලික සමාගම් වලින් ලැබුණු දායකත්වය ද අගය කොට ඇත. අර්බුදයෙන් බලපෑමට ලක් වූ ජන සංඛ්‍යාව පූර්ණ වශයෙන් ලක්ෂ 70 ක් පමණ වන බව සහන සේවා වල තක්සේරුවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නැංවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක මුදලක් ලබා දීමට දකුණු කොරියාව පියවර ගෙන ඇත. මෙම මුදල් පිරිනමනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සංවිධානය යටතේ සිදු කරන ව්‍යාපෘතියක් සඳහා වේ. එමගින් මෙරට ඉස්සන් වගාව සංවර්ධනය කිරීමට පියවර ගැනේ. මෙය ඩොලර් මිලියන 3.9 ක මූල්‍ය ප්‍රතිපාදනයක් හා ආහාර කෘෂිකර්ම සංවිධානය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ප්‍රධාන ව්‍යාපෘතියක කොටසකි. ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා යන මහත්වරුන්ගේ සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි .

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.10

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්ගමුව සමූපකාර ඡන්දයේ ජයග්‍රහණයත් ඒකාබද්ධ විපක්ෂයට

ගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයින් තෝරා...

පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි – මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!