එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිවේදනයක්

Date:

මෙරට මිලියන 3.4ක ජනතාවට ජීවිතාරක්ෂක ආධාර අවශ්‍ය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් ඊට ඇතුළත් වේ. නිදහසින් පසු උද්ගත වූ දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බව එම සංවිධානය මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම සංවිධානය නිවේදනය කළේ ශ්‍රී ලංකාවේ සිටින තම නියෝජිත කණ්ඩායම සහ රාජ්‍ය නොවන සංවිධාන සිය ඒකාබද්ධ මානුෂීය අවශ්‍යතා ප්‍රමුඛතා සැලැස්ම සංශෝධනය කර දීර්ඝ කිරීමටද ක්‍රියා කර ඇති බවයි.

ඉකුත් ජුනි මාසයේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිළධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන මෙරට ආහාර හිඟයේ බලපෑම සහ ඖෂධ හිඟයේ බලපෑම සමනය කිරීම සඳහා මෙම ඒකාබද්ධ සැලැස්ම කර තිබුණි. මෙහිදී වඩාත් අවධානයට ලක්විය හැකි පුද්ගලයන් මිලියනයකට වැඩි පිරිසකට මානුෂීය ආධාර ලබාදී ඇති බව මෙම සංවිධානය කියා සිටී.

මේ අතර ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ඉදිරිපත්වීම ද අගය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. පවතින තත්වය හමුවේ එම ආධාර වැඩසටහන අවසන් වනතුරු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා ඩොලර් මිලියන 150 ක ආසන්න මුදලක් රැස් කිරීමටත් එම සංවිධානය සැලසුම් කර තිබේ.

ලෝක බැංකු වාර්තාවලට අනුව මෙරට ජාතික දරිද්‍රතා අනුපාතය 25.6%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඔක්තෝබර් මාසයේදී 85% ක ආහාර අනාරක්ෂිත භාවයක්ද පැවති බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම ගර්භණී කාන්තාවන් සහ පාසල් සිසුන් ඇතුළු මිලියන1.2 ක පෝෂණ ආධාර සැපයීමට ද එක්සත් ජාතික සංවිධානය අපේක්ෂා කරයි. ලක්ෂ 09 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය සහ 867,000 කට අධික පිරිසකට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය සේවා සැපයීමද මීට ඇතුළත් බව සඳහන් වේ.

එමඟින් අවදානමට ලක්විය හැකි කාන්තාවන් සහ ළමුන් සඳහා ආරක්ෂක සේවා අඛණ්ඩව පවත්වා ගෙන යෑමට හැකි වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

රෂිකා හෙන්නායක
2022.11.13

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...