ඉන්දියාව ආසියාවටම වෙඩි තියයි

Date:

මේ දිනවල කොරියාවේ පැවත්වෙන 15 වැනි ආසියානු වායු අවිවලින් වෙඩි තැබීමේ තරගාවලියේ හයවන දිනය නිමාවන විට ඉන්දියාව රන් පදක්ක්ම 18 ක් ගෙන පෙරමුණට පැමිණ ඇත.නොවැම්බර් 9 දා ඇරඹි තරගාවලිය නිමාවීමට නියමිත නොවැම්බර් 19 දා ය.
ඉන්දියාවේ රන් පදක්කම් 18 ට පසුපසින් සහභාගි වී සිටින සෙු රටවල් අතරින් පදක්කම් සටහනේ දෙවන තැන සිටින්නේ සත්කාරක දකුණු කොරියාවය.ඔවුන් තවමත් ලබා ගෙන සිටින්නේ රන් පදක්කම් දෙකක්ය. සෙසු රටවල්වලට තවමත් රන් සීමාව ස්පර්ශ කරන්න නොහැකි වි ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවක් ද මේ තරගාවලියට හභාගි වී සිටිති.සහිරා විද්‍යාලයේ එම්.ආර්.අතීක් උර් රහ්මාන්, ධර්මරාජ විද්‍යාලය නියෝජනය කරමින් එල්.එල්.බී. විජේරත්න සහ එකම ක්‍රීඩිකාව වන බෞද්ධ කාන්තා විද්‍යාලයේ නේජා දසනායක ද මේ කණ්ඩායමට ඇතුළත්ව ඇත.
පුහුණුකරු ලෙසින් කණ්ඩායම සමඟ ඉඳුනිල් දසනායක එක් වෙයි..කණ්ඩායමේ කළමනාකරු ලෙස ලුතිනන් කර්නල් ජනක රිටිගහපොල පත්කර ඇත.මේ සමඟ ඇත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...