ඔට්ටුකරුවන්ගේ වැඩි විශ්වාසය බ්‍රසීලයට

මෙවර ලෝක කුසලාන තරගාවලිය තව පැය කිහිපයකින් ආරම්භ වීමට නියමිතය.තරගය ගැන උණුසුම් පුවත් සෙවීමට මෙන්ම එහි ජයග්‍රාහකයන් සම්බන්ධයෙන් ඔට්ටු ඇලීලීම ද මෙ මොහොතේ ලොව පුරා ජයටම සිඳුවෙමින් පවතිනවා.
ලෝක කුසලාන තරගාවලියක බොහෝ විට ඔට්ටු ඇල්ලීමේදී පාපන්දු ප්‍රේක්ෂකයන් වැඩි පුර විශ්වාසය තබන්නේ බ්‍රසීලයටයි.ඒ හා සමාන විශ්වාසයක් ආර්ජෙන්ටිනාවට ද හිමි වෙනවා.මෙවරත් ඒ ආකාරයටම බ්‍රසීලය සහ ආර්ජෙන්ටිනාව පිළිවෙලින් ඔට්ටු විශ්වාසයන් තුළ ඒක සහ දෙක ලෙස පවතිනවා.බ්‍රසීලය ජයගන්නා බව 24% පවසනවා.ආර්ජෙන්ටිනාව ජයගන්නා බව පවසන ප්‍රමාණය 19% ක්.
වර්ථමානයේ අංක ඒකට ශ්‍රේණිගතව සිටින්නේ බ්‍රසීලය.ආරජෙන්ටිනාව සිටින්නේ තෙවන තැනයි.මේ තරගාවලියේ ජයග්‍රහණය සම්බන්ධයෙන් හැබැයි ඒ ශ්‍රේණිගත දක්ෂතා නිසාම කණ්ඩායම් ගැන විශ්වාසය තබන බව කිව නොහැකියි.ලෝක කුසලානය දිනනු ඇතැයි හිතන සම්ප්‍රදායික විශ්වාසයන් මතයි කණ්ඩායම් තීරණය කරන්නෙ.ඊට හොඳම උදාහරණය බ්‍රසීලයට සහ ආර්ජෙන්ටිනාවට පසුව සිටින්නේ 8% විශ්වාසයක් සහිතව සිටින ප්‍රංශය හා ජර්මණිය යි.ප්‍රංශය සිව්වන තැන සිටියත් ජර්මණිය සිටින්නේ 11 වන තැනයි.සියයට 8 ක් විශ්වාසයක් හෝ වත්මන් ශ්‍රේණිගත කිරීම් හී දෙවන තැන සිටින බෙල්ජියමට නොලැබී තිබීම ඉහත කරුණ සඳහා හොඳ නිදසුනකි.
මේ සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමයට මෙන්ම ඔට්ටු ශාලාවලට පිවිසද ඔට්ටු ඇල්ලීමේ හැකියාව ඇති අතර මේවාට අමතරව නිල නොවන ඔට්ටු ආයතන විශාල ප්‍රමාණයක්ද ලොව පුරා මේ සඳහා ඒක් වී ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...