Viking Mars මගී සංචාරක නෞකාව පැමිණේ

Date:

වසර දෙකහමාරකට පසු ඉතාමත් සතුටුදායක පුවතක් අසන්නට ලැබිණ . ඒ කොරෝනා වසංගතයට පසු , සංචාරකයින් 700 ක් සහ කාර්ය මණ්ඩලය කාර්ය මණ්ඩලය 450 රැගත් Viking Mars නමැති නෝවීජියානු නෞකාව මේ වන විට ශ්‍රී ලංකාවේ කොළඹ වරායට පැමිණ ඇත .

නෞකාව පිළිගැනීම සඳහා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ සංචාරක අමාත්‍ය හරීන් ෆර්නෑන්ඩො මහතා ඇතුළු පිරිසක් පැමිණ තිබිණි.

2022 වර්ෂයේ නිෂ්පාදිත මෙම නෞකාව ගැඹුර මීටර් 6.7 ක් සහ නෞකාවේ දිග මීටර් 229 කි.

නිමල් සිරිපාල මහතා පවසන්නේ පැමිණි සංචාරකයින් රටේ විශේෂ තැන් නරඹා නැවතත් ඔවුන් තම රටට යන්නේ අපේ රට පිළිබඳව හොඳ අවබෝධයකින් බවයි. එබැවින් ඉදිරි කාලයේ දී ද තවත් මෙවැනි සංචාරක මගී නෞකාවන් විශාල ප්‍රමාණයක් මේ රටට පැමිණීමට නියමිත බවත්, නව මගී පර්යන්තයක් කොළඹ වරාය තුළ ස්ථාපිත කිරීමටත් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පවසයි.

මෙතෙක් ඒ සඳහා ප්‍රමාද වූයේ සංචාරකයින්ගේ පැමිණීම පහුගිය කාලයේ දී ඉතා දුර්වල තත්ත්වවයක පැවති නිසා බව තවදුරටත් එතුමා පවසන ලදී.

ලංකාවේ ප්‍රධාන වරායන් තුනක ම මෙවැනි මගී නෞකා ගෙන ඒම සඳහා අවස්ථාව ලැබී ඇති බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.

රටේ දැවැන්ත ප්‍රශ්නයක් වී තිබෙන ඩොලර් හිඟයට මෙවැනි සංචාරක නෞකාවන්ගේ පැමිණීම විශාල දායකත්වයක් වේවි. රටේ ඇති උත්ඝෝෂණ වැනි දෑ හැකි පමණ සමනය වේ නම් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට එය මහත් පිටුවහලක් වේවි. අපට ඇත්තේ සුන්දර රටකි. විදේශිකයන් ඉතාමත් ආකර්ෂණීය වන ආකාරයේ ස්වභාවික පිහිටීම එයට ප්‍රධාන හේතුවයි.

රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට හැකිවන්නේත් ජනතාවටම වන අතර එයට ජනාවගේ සහයෝගය නිරන්තරයෙන් අවශ්‍ය වේ..

රෂිකා හෙන්නායක
2022.11.20

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...