කිරිපිටි හිඟයක් සහිත මිල වැඩිවීමක පෙරනිමිති

ඉදිරි දින කිහිපයේදී රට තුළ කිරිපිටි හිගයක් ඇති වනු ඇතැයි මෙරට ප‍්‍රධාන පෙලේ කිරිපිටි ආනයනය සමාගමක සභාපතිවරයා වන ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කරයි.

දින 25 ක් තිස්සේ කොළඹ වරාය තුළ කිරිපිටි බහාලුම් 15ක් රඳවාගෙන ඇති බවත් ආනනය පාලක ජනරාල් වරයා විසින් ඒ පිළිබඳ තීන්දුවක් නොගන්නා බවටත් ඔහු චෝදනා කරයි. මෙම තත්ත්වයන් මත පාරිභෝගිකයන්ට කිරිපිටි සඳහා ගෙවීමට සිදුවන මිල ගණන් ඉහළ යන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

“අපිට පිට රටින් කිරිපිටි සපයපු ආයතන කියනවා මේ කිරි ටික නැවත නැව්ගත කරන්න වියට්නාමයට සහ ඉන්දුනීසියාවට. එතකොට මොකද වෙන්නේ රටට කිරි හිඟයක් ඇති වෙනවා. demurrage ලක්ෂ 40කට වැඩිය ගෙවන්න වෙලා තියෙනවා. කිරිපිටි ගෙන්නන්න නැවක් එන්න දවස් 37ක් දවස් 42ක් අතර කාලයක් යනවා. මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රටට ආවහම චක්‍රලේඛ තුන හතරක් එනවා.නැවට බඩු දාන්න ඉස්සේල්ලා එක නීතියක්, නැවෙන් බඩු මග එන කොට තව නීතියක්, නැව ලංකාවට ඇවිල්ලා වරායට එන කොට තව නීතියක්,” යැයි කිරිපිටි සමාගම් රජයට චෝදනා කරමින් සිටී.

මේ අනුව ගෙවීම් ප්‍රමාද බැවින් ලංකාවට එවූ කිරිපිටි නැව් ආපසු හරවන්න යැයි විදෙස් කිරිපිටි සමාගම් පවසා ඇත. ඒ අනුව කිරිපිටි හිඟයක් සහිත මිල වැඩිවීමක් ඉතා මෑතක දී බලාපොරොත්තු විය හැක.

රෂිකා හෙන්නායක
2022.11.20

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි බිල්පත් සහන සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW : ඉදිරිපත් කෙරේ...

පුටින්ගේ පක්ෂයට රුසියානු පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතර බලයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: රුසියානු ජනාධිපති ව්ලැදිමීර්...

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...