සෙස් බද්ද පාසල් පෙළ පොත් සහ උපකරණ සඳහා අදාළ නෑ – රංජිත් සියඹලාපිටිය

Date:

2023 අයවැය යෝජනාවෙන් යෝජිත සෙස් (CESS) බද්ද පාසල් පෙළ පොත් සහ උපකරණ සඳහා අදාළ නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අයවැය සම්බන්ධයෙන් සිදුවන පාර්ලිමේන්තු විවාදයේදි මේ බව ඒ මහතා විසින් අවධාරණය කෙරුණේය.

කෙසේ වෙතත් සෙස් බදු අදාල වුවද, නොවූවද, පාසල් උපකරණ වල මේ වනවිටත් අසීමිත මිල වැඩි වීමක් දක්නට ලැබේ. එදා වේල සරි කර ගන්නා, පාසල් යන වයසේ දරුවන් කිහිප දෙනෙකු සිටින නිවසක දෙමාපියන් පත්ව ඇත්තේ මහත් අසරණ තත්ත්වයකටය.

බොහෝ අඟහිඟකම් මැද දිවි ගෙවන ජනතාව කුසට අහරක් පවා නොමැතිව දුක් ගැහැට විදිනුයේ දරුවන්ගේ අධ්‍යාපනය කෙසේ හෝ සාර්ථක කර ගැනීමටය. නමුත් මේ වනවිට ඒ සියල්ල සිහිනයක් වෙමින් අහස උසට වැඩිවන භාණ්ඩ මිල සහ පාසල් උපකරණ අධික මිල හා හිඟ කම විශාල ලෙස බලපා ඇත.

කෙසේ හෝ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රජයේ සහනදායී පිලිවෙකතක් අනුගමනය වන්නේ නම් සෑම දෙමාපියකුටම මහත් අස්වැසිල්ලක් වනු ඇත. බලධාරීනි ඔබගේ අවදානය පිණිසයි ….

රෂිකා හෙන්නායක
2022.11.20

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...