සෙස් බද්ද පාසල් පෙළ පොත් සහ උපකරණ සඳහා අදාළ නෑ – රංජිත් සියඹලාපිටිය

2023 අයවැය යෝජනාවෙන් යෝජිත සෙස් (CESS) බද්ද පාසල් පෙළ පොත් සහ උපකරණ සඳහා අදාළ නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අයවැය සම්බන්ධයෙන් සිදුවන පාර්ලිමේන්තු විවාදයේදි මේ බව ඒ මහතා විසින් අවධාරණය කෙරුණේය.

කෙසේ වෙතත් සෙස් බදු අදාල වුවද, නොවූවද, පාසල් උපකරණ වල මේ වනවිටත් අසීමිත මිල වැඩි වීමක් දක්නට ලැබේ. එදා වේල සරි කර ගන්නා, පාසල් යන වයසේ දරුවන් කිහිප දෙනෙකු සිටින නිවසක දෙමාපියන් පත්ව ඇත්තේ මහත් අසරණ තත්ත්වයකටය.

බොහෝ අඟහිඟකම් මැද දිවි ගෙවන ජනතාව කුසට අහරක් පවා නොමැතිව දුක් ගැහැට විදිනුයේ දරුවන්ගේ අධ්‍යාපනය කෙසේ හෝ සාර්ථක කර ගැනීමටය. නමුත් මේ වනවිට ඒ සියල්ල සිහිනයක් වෙමින් අහස උසට වැඩිවන භාණ්ඩ මිල සහ පාසල් උපකරණ අධික මිල හා හිඟ කම විශාල ලෙස බලපා ඇත.

කෙසේ හෝ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රජයේ සහනදායී පිලිවෙකතක් අනුගමනය වන්නේ නම් සෑම දෙමාපියකුටම මහත් අස්වැසිල්ලක් වනු ඇත. බලධාරීනි ඔබගේ අවදානය පිණිසයි ….

රෂිකා හෙන්නායක
2022.11.20

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ක්‍රිකට් කීඩාවේ වත්මන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : තේරී පත් වූ...