ජාත්‍යන්තර අතපෙවීම් මත නැටවෙන පිරිසක් සංවිධානාත්මකව රට වැට්ටුවා – මහින්ද රාජපක්ෂ

Date:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර අතපෙවීම් මත නැටවෙන පිරිසක් සංවිධානාත්මකව රට වැට්ටූ බවයි.

“මොන ආර්ථික අභියෝගයක් යටතේ වුවත් අපේ රටේ සම්පත් විකුණන එක අපේ ප්‍රතිපත්තිය නොවන බව මා සෑම විටම ඔබට සිහිපත් කරන්නට කැමතියි. පසුගිය කාලයේ මේ රටේ අර්බුද ඇති කරන්න අයට උදව් කරපු අය කවුදැයි ජනතාවට නිරාවරණය වී ඉවරයි. තවත් බොහෝ දේ ජනතාවට ඉදිරියේදී දැනගැනීමට ලැබෙයි. මා කීමට අවශ්‍ය නැත. අපේ රටට නැගීටීමට අවස්ථාව නොදෙන, දේශීය විදේශීය බලවේග තාමත් ක්‍රියාත්මකයි. එනිසාම මේ රටට මෙතරම් ජාත්‍යන්තර අතපෙවීම් වැඩි වී තිබේ. ඒ අයගේ රූකඩ තමයි පසුගිය කාලයේ නැටවුණේ. එය සංවිධානාත්මකවයි මේ රට වැට්ටුවේ. මේ දේ අපේ රටේ අවස්ථා දෙකකදී සිදුවී තිබෙනවා. අපේ රටේ ආර්ථිකයට වෙන්න තිබෙන ලොකුම විනාශය කළේත් ඒ අයයි. තේරුමක් නැති විදිහට විරෝධතා ඇති කරන්න උතසහ කලා. මිනිසුන් එයට එකතු වී හූ කීවත් ජනතාවට කියන කිසිදෙයක් කුමක්ද යන්න වත් ඒ අයට තේරෙන්නෙ නෑ…”

යනුවෙන් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී මහතා ප්‍රකාශ කළේය.

රෂිකා හෙන්නායක
2022.11.23

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...

පිටරටින් එන මානුෂීය ආධාරවලටත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට මානුෂීය...