ඉන්දුනීසියානු භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 268 දක්වා ඉහලට

Date:

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ඇති වූ රිච්ටර් මාපකාංග 5.6 ක භූමිකම්පාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 268 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ නිල වාර්තා ඉදිරිපත් කර තිබේ.

මිය ගිය අය අතර බොහෝ දෙනා දරුවන් වන අතර, පුද්ගලයන් 151ක ප්‍රමාණයක් අතුරුදන්ව ඇති අතර තුවාල ලැබූවන් සංඛ්‍යාව 1000 ඉක්මවන ලද බව ඉන්දුනීසියානු බලධාරීන් මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ.


භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන 25ක් පමණ සිදුවූ අතර මාර්ග කැඩී බිඳී යාම හා යටිතල පහසුකම්වලට හානි සිදුවීම හේතුවෙන් සුන්බුන් අතර වන පිරිස මුදා ගැනීම අසීරුව ඇති බව වාර්තා වේ. ඒ අනුව වාර්තා වී ඇති නිල මරණ සංඛ්‍යාව හා තුවාල ලැබූවන් සංඛ්‍යාව ඉදිරියේදී තව දුරටත් ඉහළ යා හැකි අතර භූ කම්පනය හේතුවෙන් නිවාස 22,000කට හානි සිදුව 58,000කට වැඩි පිරිසක් කලාපයේ ස්ථාන කිහිපයක නවාතැන් ගෙන සිටින බවත් ජාතික ආපදා අවම කිරීමේ නියෝජිතායතනය ප්‍රකාශ කර ඇත.


ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ඊයේ(22) දිනයේදී ආපදාවට පත්වූ ප්‍රදේශ නිරීක්ෂණය කළ අතර එහිදී ප්‍රකාශ කර තිබුණේ, සුන්බුන් යට සිරවී සිටින විපතට පත් වූවන් ඉවත් කිරීම සිය ප්‍රධානතම රාජකාරිය බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...