ඇඳුමට දීමනාවක් ඉල්ලන ගුරුවරු ….

Date:

ගුරුවරුන් සඳහා නිශ්චිත ඇඳුමක් චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් ඒ සඳහා දීමනාවක් ලබා දිය යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ, පහසු ඇඳුමකින් සැරසී කාර්යාල සඳහා සේවයට වාර්තා කරන ලෙස නිකුත් කර ඇති චක්‍රලේඛය අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට රජය උත්සාහ දරමින් සිටින බවය.

ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමට ද කටයුතු කරන බව ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය.

“රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට එන්න තියෙන අවස්ථාව පරිහරණය කිරීමට බැහැ කියනවා නම් එය පොදු තීරණයක් බවට පත්වෙන්න ඕනේ. ඇඳුම් සම්බන්ධයෙන් විවිධ අයට තීරණ ගන්න බෑ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ක්‍රමයක් නැතිව අත්තනෝමතිකව වෙනස් වීම් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයට යනවා.

මේ තියෙන එක එහෙම වෙනස් කරන්න පුළුවන්කමකුත් නෑ. පැහැදිලිවම දැනට සාරිය අඳින එක කිසිම ගැටලුවක් නෑ. ඉස්සරහටත් කිසිම ප්‍රශ්නයක් නෑ. යම්කිසි විදියට බලහත්කාරයක් ආවොත් ඒ අයට නිල ඇඳුම් දීමනාවක් දෙන්න වෙයි. ගුරුවරු කැමැත්තෙන් සාරිය අඳිනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අනිවාර්ය කළොත් අපි අනිවාර්යෙන්ම දීමනාවක් ගන්නවා.”

ස්ටාලින් මහතා පැවසීය .

රෂිකා හෙන්නායක
2022.11.24

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...