අතින් කට වසාගත් ජර්මානුවන් කටාරයට කින්ඩිය දමයි!

Date:

ජර්මානු ක්‍රීඩකයින් ජපානයට එරෙහි ඔවුන්ගේ E කාණ්ඩයේ තරඟයෙහි ඔවුන්ගේ කණ්ඩායම් ඡායාරූපය අතරතුර සියලු දෙනාම අතින් කට වසා ගනිමින් තම ඡායාරූපයට පෙනී සිටි ආකාරය සමාජ මාධ්‍ය කලඹවන ලදී.

කටාර් හි පැවැත්වෙන FIFA ලෝක කුසලානය සඳහා ඔවුන්ගේ නායක Manuel Neuer විසින් ‘OneLove’ පළදනය පැළඳීමට අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට විරෝධය දැක්වීම සනිටුහන් කරමින් මොවුන් මෙසේ ඡායාරූපයට අලුත් මුහුණුවරක් ලබා දී ඇත.

මෙය සිදු වන විට FIFA සභාපති Gianni Infantino තරඟය සඳහා පැමිණ සිටියේය.

ජර්මනියේ පාපන්දු සංගමය වන DFB, විරෝධතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ අතර ඔවුන් පවසා සිටියේ;
“ජර්මනියේ ජාතික කණ්ඩායම තුළ අප දරන සාරධර්ම, විවිධත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිඹිබු කිරීමට අපගේ නායකයාගේ අත් පටිය භාවිතා කිරීමට අපට අවශ්‍ය විය.” යන්නයි.



නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...