නාමල් අනාගතේ රජවෙන්නේ කොහොමද කියලා බලමු – දයාසිරිගෙන් හම්බන්තොටදීම අභියෝගයක් (VIDEO)

Date:

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සලකන්නේ මේ ආකාරයෙන් නම් ඔහුගේ අනාගත දේශපාලන ඉලක්ක සම්බන්ධයෙන් එය අනතුරුදායක විය හැකි බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

“අර පාස්කු බෝම්බය අරගෙන දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කරේ ගහන්න තමයි ඒගොල්ලො හදන්නෙ. පක්ෂෙට ගහන්න ඕනෙ නම් පක්ෂෙ නායකයාට ගහන එක තමයි ඒගොල්ලන්ගෙ අරමුණ. තුනෙන් දෙකක් දෙන්න කලින් කල්පනා කරන්න තිබුණා, හයෙන් පහක් දෙන්න කලින් කල්පනා කරන්න තිබුණා කොහොමද අපි මේ කට්ටියව පාලනය කරන්නෙ කියලා. දැන් මොකද වෙලා තියෙන්නෙ ? ඒගොල්ලන්ට තිබුණෙ ලක්ෂ 50 යි පොදුජන පෙරමුණට. ඔය මොන කයිය ගැහුවත් ඒ ලක්ෂ 50, ලක්ෂ 65ක් 69ක් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වුණ හින්දා, හොඳට මතක තියාගන්න.

ඒක අමතක වෙලා. හැබැයි ඉතින් අනාගතයේ රජවරු වෙන්න බලාගෙන ඉන්න කට්ටිය කොහොමද දැන් කතා කරන්නෙ ? දැන් ඒගොල්ලො එහෙම නම් අපට කතා කරන්නෙ, ඒගොල්ලො රජවෙන්නෙ කොහොමද කියලා අපි බලමු අනාගතයේ. කවුරුවත් නෙවෙයි අපේ නාමල් මහත්තයා මං දැක්කා ඊයෙ පෙරේදා කියනවා … තාත්තා ඔය වගේ කතා කියන්නෙ නෑ. ඔය අද ඇමතිකම් අරන් ඉන්න හැම ඇමතිවරයෙක්ම ශ්‍රීලනිපයේ ලක්ෂ 15ක් ඡන්දෙ දුන්න මිනිස්සුන්ට ණයගැතියි.

අපි බයවෙන්නෙ නෑ කොහෙවත් ගිහිල්ලා කියන්න. කාටවත් බයේ අපි මේ දේශපාලනය කරන්නෙ නෑ, මතක තියාගන්න. ඒක කතා කරනකොට ඒක තේරුම් ගන්න මොළයක් තියෙන්න ඕනෙ ඔය කතාකරන අනිත් කට්ටියට. අපි ගොළුවො, බිහිරො, අන්ධයො නෙවෙයි. කරන වැරදි අපට පේනවා, ඇහෙනවා”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රීලනිප සම්මේලනය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...