අපේ දෙපිට කාට්ටු වැඩ නැහැ – ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්ඩායමට දයාසිරිගෙන් ප්‍රතිචාර (VIDEO)

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩායම සහ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිටින කණ්ඩායම අතර මේ වන විට මතුව තිබෙන උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් පහව ගොස් නැහැ.

ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩායමේ ශ්‍රීලනිප සාමාජිකත්වය ඔවුන්ගේ විනය පරීක්ෂණ අවසන්වන තුරු අත්හිටුවා ඇති බවට පසුගිය මධ්‍යම කාරක සභාවේදී තීරණය කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයේ මත ගැටුම දැන් කරළියට පැමිණ තිබෙනවා.

අද දිනයේදීත් ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

ආණ්ඩුවට එක්ව සිටින පිරිස මෙන් දෙපිට කාට්ටු වැඩ තමන් නොකරන බවයි ජයසේකර මහතා කියාසිටියේ.

පක්ෂයක් ලෙස පැහැදිලි තීන්දුවක් ගෙන තිබියදී රෑට රෑට ආණ්ඩුවේ ප්‍රබලයින් සමඟ සාකච්ජා කිරීමට තරම් දෙපිට කාට්ටු තත්ත්වයකට පත්ව නැති බව හෙතෙම සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවුලක බූදලයක් නොවන බවත් එය මහජනතාවගේ පක්ෂයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

අමරකීර්ති අතුකෝරළ ඝාතනය : විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...

ගල් අඟුරු ආනයනයේ “අඳුරු” පැත්ත සොයා කෝප් කමිටුවෙන් විශේෂ මෙහෙයුමක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : ඔබ දැනගත යුතුම...