ලොව හොඳම සංචාරක ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාව …

Date:

පසුබෑමට ලක්ව තිබෙන මෙරට සංචාරක කර්මාන්තයට යහපත් බලාපොරොත්තු ඇති කරමින් ලොව හොඳම සංචාරක ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබේ. ලොව පුරා සංචාරය කරන්නන් අතර අතිශය ජනප්‍රිය ජර්මානු සංචාරක සඟරාවක් වන කෝඩි නාස්ට් ට්‍රැවලර් (Condé Nast Traveller) සඟරාව විසින් පවත් පවත්වන ලද පාඨක ඡන්ද විමසීමක ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාව ලොව සංචාරය කිරීමට සුදුසු හොඳම රටවල් 20 අතරට තේරී පත්ව ඇතැයි වාර්තා වෙයි.

මෙම පාඨක සමීක්ෂණය අනුව ලද ප්‍රසාද ලකුණු ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ රැඳී ඇත්තේ 17 වැනි ස්ථානයේ වන අතර මෙම සඟරාව විසින් කරන ලද මත විමසුම අනුව ලොව හොඳම සංචාරක ගමනාන්ත තුන ලෙස තෝරාගෙන ඇත්තේ පෘතුගාලය, ජපානය සහ තායිලන්තය යන රටවල් බවද එම වාර්තා පෙන්වා දෙයි. මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට පහළින් ඊශ්‍රායලය, තුර්කිය සහ දකුණු අප්‍රිකාව රැඳී සිටී.

ශ්‍රී ලංකාව එලෙස වර්ග කිරීමට හේතු වූ කරුණු කාරණා පිළිබඳ මෙම සඟරාව මෙලෙස කෙටි සටහනක් දක්වා තිබේ.

? බටහිර වර්ජීනියා ප්‍රාන්තයට වඩා මඳක් විශාල කඳුළු බිංදුවක හැඩැති දූපතක් වන මෙම දකුණු ආසියාතික ජාතිය, මෙම කුඩා රට තුළ ඔබට අත්දැකීම් සමුදායක් අසුරා තිබෙනවා.

ඇස් කම්පනය වන හරිත පැහැයෙන් යුත් උස් තේ වතු, අලස වලසුන් සහ වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති අලි ගැවසෙන ජාතික වනෝද්‍යාන සහ මිත්‍රශීලි ඉන්දියානු සාගරයේ රළ පහරක් ගැන සිතන්න.

මීට වසර 10කට පෙර කොස්ටාරිකාව හෝ නිකරගුවාව ඔබට මතක් කර දිය හැකි නගර, ඉන්පසු කොළඹ අගනුවර, ඔබට දේශීය කුළුබඩු සඳහා සාප්පු යෑමට, දිය ඉවුර දිගේ සරුංගල් පියාසර කිරීමට හෝ යාත්‍රාවක් කුලියට ගැනීමට හැකිය.

එය 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සිට වසංගතය දක්වා අභියෝග කිහිපයකට මුහුණ දී ඇති අතර, ගෝලීය සංචාරක තරගකරුවකු ලෙස සිය ස්ථානය සුරක්ෂිත කර ගැනීමට ශ්‍රී ලංකාව මෑත වසරවල කටයුතු කර ඇති හෙයින්, එහි වෙ‍ළඳ ලකුණ වන ආගන්තුක සත්කාරය හරහා අමුත්තන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීමට අපේක්ෂා කරයි. එමෙන්ම දිනෙන් දින පුළුල් වන හොඳ තත්ත්වයේ නව හෝටල් සහ නිවාඩු නිකේතනවල ලැයිස්තුව ද ඔබ අමතක නොකළ යුතුයි ?

යනුවෙන් සඳහන් කර තිබේ.

මෙලෙස අනෙකුත් රටවල් සමඟ සසදද්දී ඉතා කුඩා දිවයිනක් වන අප රටට දී ඇති වටිනාකම මිලකල නොහැකියි .එය ශ්‍රී ලාංකිකයන් ව්න අපට මහත් ආඩම්බරයකි.

මේ අතර අතිසුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් අද (29) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ.

“මේන් ෂෙෆ් ෆයිව්” නම් එම නෞකාව ප්‍රථම වතාවට මෙරටට පැමිණෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

අද පෙරවරු 06ට පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත නෞකාව වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ නැංගුරම්ලෑමට නියමිත බව වාර්තා වේ.

නෞකාව එහි විශාලත්වය හේතුවෙන් කොළඹ වරායේ මගී පර්යන්තයේ නැංගුම් ලෑමට නොහැකි බව හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මගීන් 2030ක් සහ කාර්ය මණ්ඩලයේ සේවකයින් 945ක් නෞකාවේ සිටින අතර මගීන්ගෙන් බහුතරය යුරෝපීයන් බව වාර්තා වේ.

විවිධ හේතූන් මත තාවකාලික ලෙස සංචාරක ව්‍යාපාරය කඩා වැටීම් වලට ලක් වුවද, අපේ රට ස්වභාධහම විසින් නිමවා ඇත්තේ සංචාරක ආකර්ෂණය ඉතා වැඩි රටක් ලෙසය. එනිසා නැවතත් එය නගා සිටුවීමට හැකිවනු නොඅනුමානය.

රෂිකා හෙන්නායක
2022.11.29

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු...

City of Dreams Sri Lanka හි මහා විවෘත කිරීමේ උත්සවයට කින්ග් ඛාන් පැමිණේ ද?

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW):බොලිවුඩයේ කින්ග් ඛාන් 2025...

දෙහිඅත්තකණ්ඩිය සභාවේ බලය සජබෙට!

කොළඹ LNW: දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමඟි...

ශ්‍රීලන්කන් හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ...