අමරකීර්ති අතුකෝරාළ ඝාතනයේ සැකකරුවකු බන්ධනාගාරයේදී මියගිහින්

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු පසුගියදා මහර බන්ධනාගාරය තුළදී මියගොස් ඇති බව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම ඝාතනය සම්බන්ධ නඩුව පසුගිය 28 වනදා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහර බන්ධනාගාරයේ නිලධාරියකු විවෘත අධිකරණය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශ කළේ රිමාන්ඩ් භාරයේ රඳවා සිටි ඇන්ටන් ගේබ්‍රියල් නම් සැකකරු කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි.

ඒ අනුව සැකකාර රැඳවියාගේ මරණයට අදාළව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාව සහ බන්ධනාගාරයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය මහර බන්ධනාගාරයේ නිලධාරීන්ට නියෝග කළාය.

පසුගිය මැයි 09 වනදා ඇතිවූ ගැටුම්කාරී තත්වයන් අතරේ නිට්ටඹුව ප්‍රදේශයේදී පිරිසක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතාව සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව පහරදී ඝාතනය කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 40 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඉන් 4 දෙනෙකු ඇප මත නිදහස් කර සෙසු 36 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...