ඇමරිකානු රාජ්‍ය ලේකම් සහ විදේශ ඇමති අතර හමුව! (VIDEO)

Date:

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ විදේශ අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් අතර ඊයේ (02) දින එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී හමුවක් පැවැත්විණි.

මෙම හමුව තුළ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්වීපාර්ශ්වික සබඳතා පිළිබඳ සාකච්ඡාවට බඳුන් වූ අතර, එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන මානුෂීය සහාය, ණය පහසුකම්, ප්‍රතිපාදන සහ තාක්ෂණික සහාය වෙනුවෙන් අලි සබ්‍රි මහතා බ්ලින්කන් මහතා ට සිය කෘතඥපූර්වකත්වය පළ කළේය.

එමෙන්ම, දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා සඳහා වසර 75 ක් සපිරීමට ආසන්න මෙම මොහොතේ, ශ්‍රී ලංකාව තුළ සමාන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වැඩිදියුණු කිරීමට අදාළ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සිය ස්තූතිය පළ කරන බව ද බ්ලින්කන් මහතා පැවසීය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...