රුසියා-යුක්‍රේන ගැටුම මැද වෙනස් වන තෙල් මිල!

Date:

ජී 07 සමුළුවේ රටවල් සහ එහි මිත්‍ර රටවල් රුසියාවේ තෙල් මිල සීමා කිරීම සඳහා නිල වශයෙන් අනුමැතිය ලබාදී තිබේ.

ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරමින් ජී 07 සමූහය ප්‍රකාශ කර ඇත්තේ ලබන 05 වැනිදා හෝ ඉන් පසු දිනක ඉතා කඩිනමින් මෙම තීරණය බලාත්මක කරන බවය.

රුසියානු බොරතෙල් බැරලයක මිල වෙළෙඳපොළේ මිලට වඩා 5%ක් අඩුවෙන් පවත්වාගෙන යා යුතු බවට එහිදී යෝජනා වී ඇත.

කෙසේවෙතත් තෙල් බැරලයකට ඩොලර් 60ට වඩා ගෙවීම් නතර කිරීමට යුරෝපා සංගමයට ද අවශ්‍යව පැවැති බව සඳහන් වේ.

ඊයේ (02) දිනයේ රුසියානු බොරතෙල් බැරලයක මිල ඩොලර් 64ක්ව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

රුසියාව, යුක්‍රේන යුද්ධය හමුවේ ලාභ ලැබීම නැවැත්වීමේ අරමුණින් මෙම මිල සීමාව පැනවීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...